Category Local News

අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලෙස උත්සව සමයේ පවුලකට සහල් කිලෝ 20 ක් ලබා දෙනවා – ජනපති

ජනාධිපතිවරයා මේ වන විට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකරමින් පවතින අතර එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්. * අස්වැසුම හරහා ලක්ෂ 24 ක ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වෙනවා. * අඩු ආදායම් ලාභි ජනතාවට සහනයක් වශයෙන් උත්සව සමයේ එක් පවුලකට සහල්…

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ මුල් පුටුව හිටපු ජනපති චන්ද්‍රිකාට

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩල ප්‍රධානී තනතුරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට තීරණය කර තිබෙනවා. පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඊයේ (06) පැවති එහි විධායක සභා රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය…

ඉදිරි ජනාධිපතිවරණය ගැන IHP සමීක්ෂණයකට අනුව අනුරට 50% ක් සහ සජිත්ට 33% ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් දෙසැම්බර් මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාව නිකුත් කර තිබෙනවා. අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 50% ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන ඇති…

කෙහෙළිය අද පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රතික්ෂේප කරයි

අද (07) ආරම්භ වන 09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයට සහභාගීවීම රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාර්ලිමේන්තු නව සභාවාරයේ ආරම්භය සඳහා සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ලට අවසර ලබාදී තිබුණද, ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර…

ජාතික ජන බලවේගයේ ලියාපදිංචියට එරෙහිව නාගානන්දගෙන් මෝසමක්

මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බවත්, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබෙනවා. එම මෝසම තුළින් පෙන්වාදෙන්නේ, ​ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන්…

2024 මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කෙරේ

මෙම වසරේ   මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක  ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ,  (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.…

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තනතුරු රැසක පවතින පුරප්පාඩු බොහෝ ප්‍රමාණයක් පිරවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්න බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව අධ්‍යාපන පරිපාලන, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ, ගුරු උපදේශක යන සේවාවල හා ගුරු සේවයේ නව පත්වීම් රැසක් ඉතා ඉක්මනින්…

රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරනවා

රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් මෙරට ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. මෙම…

කෙහෙළියට අද පාර්ලිමේන්තු පැමිණීමට අවසර හිමිවෙයි

අද (07) ආරම්භ වන 09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ ආරම්භයට සහභාගීවීමට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව 09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද (07) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

අඩු බරට පාන් විකූණූ බේකරි 50 කට නඩු

පාන්වල නියමිත බර ඇතිදැයි සොයා බැලීම සඳහා වන වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (06) ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බේකරි සහ වෙළෙඳසල් පරික්ෂා කිරිමේ දී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 50ක් පමණ වැටලීම් සිදුකර ඉදිරියේදී…