Category Local News

7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මීට එක්ව සිටින අතර හත්වැනි ඉන්දීය සාගර සමුළුව පෙබරවාරි 9 සහ 10…

තක්සේරුවට අඩුවෙන් විසුම්පාය කාටවත් දෙන්නේ නෑ

රජයේ තක්සේරු මුදලට අඩුවෙන් ‘විසුම්පාය’ ගොඩනැඟිල්ල කිසි විටෙකත් ආයෝජකයන්ට නොදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය. රුපියල් බිලියන 8ක් වටිනා ‘විසුම්පාය’ රජයේ තක්සේරුව නොතකා රුපියල් බිලියන 4කට ආයෝජකයකුට…

ඇහැළියගොඩ පතලකින් වසර මිලියන ගණනක් ඉපැරණි පිරිසිදු ජල බුබුළක් සහිත අනර්ඝ පළිඟුවක්

වසර මිලියන ගණනක් ඉපැරණි, කාර්මිකකරණයෙන් අපවිත්‍ර නොවූ පිරිසිදු ජල බුබුළක් සහිත, පළිඟුවක් ඇහැළියගොඩ පතලකින් හමු වී තිබේ. ස්වාභාවිකවම චූඩාමාණික්‍යයක හැඩය ගන්නා මේ පළිඟුව කැරට් 110,000ක් තරම් වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ගණන් බලා ඇත. ශ්‍රී ලංකා භූමියේ…

අස්වැසුමට යළි අයදුම් පත් 15 දා සිට

‘අස්වැසුම’ යෝජනා ක්‍රමය සඳහා නැවත අයදුම්පත්‍ කැඳවීම එළඹෙන 15 බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර දක්ෂිණ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලීමට ඊයේ (9) කළ…

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ඉල්ලූ ධීවර පෙත්සමක් ඉවතට

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිය වෘත්තියට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ධීවර ප්‍රජාව ඉදිරිපත් කළ පෙත්සමක් කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (9) නිෂ්ප්‍රභ කළේය. කොළඹ වාණිජ මහාධිකරණ…

බටහිර ඔස්ට්‍රේලියා අගමැති ජනපති රනිල් හමු වෙයි

සත් වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා පර්ත් නුවරදී ඊයේ (9) හමු වූ අයුරු. ශ්‍රී ලංකාව සහ බටහිර ඔස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය,…

ජෝර්දාන ඇඟලුම් කම්හල් දෙකක අසරණව සිටි ශ්‍රී ලාංකිකයෝ 66ක් මෙරට එති

ජෝර්දානයේ ඇඟලුම් කම්හල් දෙකක ආයෝජකයන් එහි සේවකයන්ට නොදන්වා අතුරුදන්වීම නිසා ඒ කම්හල්වල අසරණ වී සිටි සේවක සේවිකාවන් 66 දෙනෙකු ඊයේ (09) අලුයම, තමන්ට හිමි සියලු වරප්‍රසාද ලබාගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් නමැති මේ කර්මාන්තශාලා…

මහ කන්නයේ වී මිලට ගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවම මිල ගණන් ඉදිරිපත් කරයි

මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිය අවම මිල ගණන් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව තෙතමනය 14% මට්ටමක ඇති නාඩු වී කිලෝ ග්‍රෑමයක් සඳහා රු. 105ක්, සම්බා කිලෝවට රු. 120ක් සහ කීරි සම්බා කිලෝවක් රු. 130ක්…

වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය දීමට ලෝක බැංකුව කැමැත්ත පළ කරයි

ඉදිරි වගා කන්න හයක් තුළ මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීම සඳහා වන ජනාධිපතිතුමන්ගේ ඉලක්කගත වැඩපිළිවෙළ සඳහා දායකත්වය ලබා දීමට ලෝක බැංකුව කැමැත්ත පළ කර ඇත. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කෘෂිකර්ම ව්‍යාපෘති රැසක් සඳහා…

බිලියන අටේ විසුම්පාය 4කට විකුණන්න හදනවා

නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිලියන 8ක වටිනාකමක් ඇති ‘විසුම්පාය’ බිලියන 4කට විකිණීමේ සූදානමක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය. තැරැව්කරුවන් පිරිසක් මේ ජාවාරම පිටුපස සිටින බවත්, මෙවැනි අඩු මුදලකට පහළ වටිනාකමකට විකුණන්නේ ඇයිද කියා…