Category Local News

අධ්‍යාපන ධවල පත්‍රිකාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වූවා නම් විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් මේ රටට උරුම වෙනවා – ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති ‍තෙන්නකෝන්.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අධ්‍යාපනය තුළ සිදු කිරීමට ගිය වෙනස සම්පූර්ණ කළ හැකි වූවා නම් මේ වන විට විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් මේ රටට උරුම වන බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති ‍තෙන්නකෝන් පැවසීය. රජිත්…

රජයේ ඉඩමක පස් කපනවාට අම්බන උතුර ගම්වාසීහූ උද්ඝෝෂණයක

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්බන උතුර රජයේ ඉඩමක පස් කපා ඉවත් කිරීමට එරෙහිව අම්බන උතුර ගම්වාසීහූ ඊයේ (12) එම ඉඩම ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වූහ. රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ මුවාවෙන් පුද්ගලයකු විසින් රජයට අයත් මෙම ඉඩමේ පස් කපා…

අනුරාධපුර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ

අනුරාධපුර පොලිස් කොට්ඨාසය භාර, 36 වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස තිළිණ හේවාපතිරණ මහතා ඉකුත් 10 වැනිදා අනුරාධපුර පිහිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී වැඩ භාර ගත්තේය. මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වූ තිළිණ හේවාපතිරණ මහතා, ශ්‍රී ලංකා…

හසලක හදිසි වැටලීමකින් රක්ෂිත වනයක තිබී ගෝඩා හා කසිප්පු බැරල් 14ක් සොයා ගෙන

හසලක ලුණුමඩලාකැටිය ග්‍රාමයේ සිට කිලෝමීටර් 08ක් පමණ ඉහළ කඳුකර රක්ෂිත මහ වනයේ වන අලි නිතර ගැවසෙන ප්‍රදේශයේ හදිසි වැටලීමක් කළ හසලක පොලිසියට නීති විරෝධී ලෙස සකස් කර තිබූ බැරල් 14ක ගෝඩා මිලිලීටර් ලක්ෂ 20ක ප්‍රමාණයක් සහ කසිප්පු මිලිලීටර් 2055ක් සොයා…

බෙල්ලන්විල නාහිමි සමරා ‍ලේ දන් දෙති බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරීව වැඩ විසූ අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන්ගේ හයවැනි ගුණානුස්මරණ පින්කමට සමගාමීව 11 වැනි දින බෙල්ලන්විල ශ්‍රී සෝමරතන විශ්‍රාම ශාලා පරිශ්‍රයේදී ලේ දන්දීමක් පැවැත් විණි.

බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරීව වැඩ විසූ අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන්ගේ හයවැනි ගුණානුස්මරණ පින්කමට සමගාමීව 11 වැනි දින බෙල්ලන්විල ශ්‍රී සෝමරතන විශ්‍රාම ශාලා පරිශ්‍රයේදී ලේ දන්දීමක් පැවැත් විණි. මෙම ලේ දන්දීමේ කඳවුර බෙල්ලන්විල විහාරස්ථ ප්‍රජා සංවර්ධන පදනම විසින් සංවිධානය කරනු…

වයිට් රෝස් පාර්ක් නිවසක් ගිනි ගෙන විනාශයි

කහතුඩුව සරණතිස්ස මාවතේ වයිට් රෝස් පාර්ක් හි නිවසක (12) දා දහවල් සිදුවූ ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. කහතුඩුව සරණ තිස්ස මාවතේ නිවසක් ගිනිගන්නා බවට 119 හදිසි ඇමතුම් අංකයට ලද…

පෙම්වතිය පිටුපෑවැයි රේල්ලුවට ගෙල තියලා

ගැහැනු ළමයෙකු සම්බන්ධව ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි වයස අවුරුදු 20ක සිසුවෙකු 10 වෙනි දා දුම්රියට ගෙල තබා සියදිවි නසා ගත්තේ යැයි කියන සිද්ධියක් මීගමුව රෝහලේ සහ නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ද වික්‍රමරත්න…

යාපනයෙන් ආ එළවළු දඹුල්ල ආර්ථිකයේ ගණන් බස්සයි

යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු අස්වැන්න මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණු සෑම එළවළුවක්ම සියයට හැට පහක්, හැත්තෑවක් පමණ අඩු වී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. වෙළෙන්දන් පෙන්වා දෙන්නේ යාපනය චුන්නාගම් ප්‍රදේශයේ සාර්ථකව වගා කරන…

කෝවිලේදී ලක්ෂ ගානක මුදල් රන් අබරණ ඉස්සූ

හුනුපිටිය ප්‍රදේශයේ කෝවිලක පුජාවකට පැමිණි කාන්තාවකගේ රුපියල් ලක්ෂ හය හමාරක මුදලක් හා රුපියල් ලක්ෂ අට හමාරක් පමණ වටිනා රන් ආභරණ දමා තිබු අත් බෑගය සොරකම් කළ කාන්තාවක් කිරිබත්ගොඩ පොලිසිය මගින් පෙරේදා ( 11 වැනිදා ) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඒ…

පන්නිපිටියේ නිමි ඇඳුම් ගබඩාවක් ගින්නෙන් අළු

පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට අයත් රෙදිපිළි ගබඩාවක (12) අලුයම ඇතිවූ ගින්නකින් ගබඩා කර තිබූ නිමි ඇඳුම් විශාල තොගයක් ගිනිගෙන විනාශ වී ඇති බව මහරගම පොලිසිය පැවසීය. ගබඩාව පිහිටි ස්ථානයේ අවට පදිංචිකරුවන් හා ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි…