Category Local News

ජනාධිපතිවරණය නියමිත කාලසීමාව තුළ පැවැත්වෙනවා – PMD

නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා. එමෙන්ම වත්මන් කාලරාමුවට අනුව මහ මැතිවරණය ලබ​න වසරේදී පැවැත්වෙනු ඇති බවද, 2025 වර්ෂයේ අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශ්‍ය දැනුම් දෙනවා. මැතිවරණ පැවැත්වීමේ…

Online Safety පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Online Safety පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව මේ වන විට එම පනතේ විධිවිධාන ක්‍රියාත්මකව පවතිනවා. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද සංශෝධනයන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුගතව සිදු කළ යුතුව තිබූ බැවින්, ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කර…

ගම්පහ බියගම ප්‍රදේශයට ජාතික රෝහලක් සහ ළමා රෝහලක්

රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ  ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික සහ  ළමා රෝහලක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව එම දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබන බවත්, ඒ හේතුවෙන්…

AI පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සඳහා වන  නියමු ව්‍යාපෘතිය Microsoft ආයතනයේද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිව හිමිව තිබෙනවා. කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සම්බන්ධයෙන් 2023.10.02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට…

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පොලිස් මුරපොළේ සිටි නිලධාරීන්ට ස්ථාන මාරු

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලීසිය පවසනවා. ඊයේ අලුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සිදුවූ මුදල් කොල්ලකෑම හා වෙඩි තැබීමේ සිදුවීමට අදාළව…

දිනකට පුද්ගලයන් 400 ක් පමණ බන්ධනාගාරගත වෙනවා – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

දෛනිකව බන්ධනාගාරගතවන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසනවා. ඒ අනුව, දෛනිකව පුද්ගලයින් 400 ක් පමණ බන්ධනාගාරගත වන බවත්, මේ වනවිට බන්ධනාගාරගතව සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 30,000 ක් ඉක්මවන බවත් ඔහු සඳහන් කරනවා. පවතින…

NMRA අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස්වෙයි

නීතිඥ මනෝජ් ගමගේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු අද (13) දින සිට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ වෙත ලිපියක් මඟින් එය දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ. තමා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ…

විදුලි ගාස්තු සංශෝධනය මාර්තුවට පෙර සිදුකරනවා – මහජන උපයෝගීතා කොමිසම

මෙම වසරේ මාර්තු මාසය වීමට පෙර විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. මහජන අදහස් විමසීමෙන් අනතුරුව, කොමිසම රැස්වී ගාස්තු අඩු කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි එහි සභාපති මංජුල ප්‍රනාන්දු සඳහන් කළේ. ඊට අදාළව වාචික අදහස් ලබා ගැනීම්…

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ඉදිරියේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වනවා – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර එය මේ වන විට කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බව ද…

පෞද්ගලික දත්ත සැකසීමේදී පුරවැසියාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට කඩිනමින් නව නීතිරීති ගෙන එනවා – දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත්

පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියාමනය සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සකස් කර අවසන් කරන බව දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත් මහතා…