පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නොවන රටක් ප්රජාතන්ත්රවාදයෙන් තොරයි – කතානායක මහින්ද යාපා අබේවර්ධන
ප්රජාතන්ත්රවාදයේ හදවත පාර්ලිමේන්තුව බවත් පාර්ලිමේන්තුවේ ක්රියාකාරීත්වයක් නොමැති රටක් පාලනයකින් තොරව අයාලේ යන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය. අධිකරණයට හෝ විධායකයට ව්‍යවස්ථාදායකය නොමැතිව ක්‍රියාකළ නොහැකි අතර මේ කුලුනු තුනේම එකතුව මඟින් රටක් දියුණුව කරා ගෙනයාමේ වැඩපිළිවෙළ සකස් කළ හැකි…