Category Local News

ඉන්දීය ආධාර යටතේ වතු කම්කරුවන් සඳහා නිවාස

වතුකරයේ කම්කරුවන් සඳහා නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියක තවත් අදියරක් ආරම්භ කිරීම (19) සිදුකර තිබෙනවා. මෙම සිව්වන අදියර යටතේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක් පුරා නිවාස 1300ක් ඉදිකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්…

සරත් ෆොන්සේකාව පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ තනතුරුවලින් ඉවත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. සරත් ෆොන්සේකා විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව දින 14 ක් සඳහා බල පැවැත්වෙන පරිදි අධිකරණය මෙම වාරණ නියෝගය…

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට වෙරළාරක්ෂක ගුවන් යානයක්

ශ්‍රී ලංකාවට ගුවන් යානාවක් ලබාදීමට අමෙරිකාව තීරණය කර තිබෙන බව අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන Doland Lu සඳහන් කර සිටිනවා. මෙරට වෙරළ තීරයේ ආරක්ෂක කටයුතු සඳහා මුර සංචාර කටයුතු වලට යෙදවීමට මෙම ගුවන් යානය ලබා දෙන බවයි ඔහු පවසන්නේ. ඒ…

ණය ප්‍රතිව්‍යුහගතකරණය එළඹෙන ජුනි මාසයේදී අවසන් කිරීම රජයේ ඉලක්කයයි – රංජිත් සියඹලාපිටිය

මෑත කාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රටවල් අතර ණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මාර්තු මස අවසන් වන විට නිමාකර…

වියළි කාලගුණය නිසා ජල විදුලි උත්පාදනය පහළට

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 3 – 4 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නොයෙල් ප්‍රියන්ත පැවසුවා. මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව, 83% ක් දක්වා…

පාසල් නිල ඇඳුම් සහ පෙළපොත් මාර්තු මාසයේ පළමු සතිය වන විට බෙදා අවසන් කරනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් සහ පෙළපොත් ලබාදීම මාර්තු පළමු සතිය වන විට අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිල ඇදුම් සහ පෙළපොත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිටත් සිදුවන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.

රනිල් ජනාධිපති ඡන්දය නොතියා වෙට්ටු දාන්න කල්පනා කරනවා නම් එයාට වෙන්නේ ගොඩක් කළින් ගෙදර යන්න – අනුර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණය නොපවත්වා වංගු ගැසීමට කටයුතු කරන්නේ නම් ඔහුට බොහෝ ඉක්මනින් ගෙදර යාමට සිදුවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ගෝඨාභය රජය අර්බුදයට පත්වූ අවස්ථාවේදී ප්‍රථමයෙන් අගමැති ධූරය භාර ගැනීමට සජිත් ප්‍රේමදාසට ආරාධනා කළ…

වැලිකඩ බන්ධනාගාර රෝහල පිරීයයි

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඇඳන් 185කට ආසන්න ප්‍රමාණයක් තිබුණද එහි ප්‍රතිකාර ලබන රැඳවියන් සංඛ්‍යාව 350කට ආසන්න වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාරගත කෙරෙන රැඳවියන් සංඛ්‍යාව ඉහළ යාමද ඊට හේතුවක් බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක සඳහන් කළේ. වෛද්‍ය නිර්දේශ…

අධ්‍යාපනය ඩිජිටල්කරණය පිළිබඳ නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කරනවා

පාසල් පෙළ පොත් බෙදාහැරීම සඳහා යොමු කර අවසන් – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත. අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. 2024 වසරට අදාළ පාසල් පෙළ…

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් ජනපති සමඟ හමුවක

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (19) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර, ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සුහද හමුවකට එක්වීමට ද එම දරුවන්ට අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවු ජනාධිපතිවරයා…