Category Local News

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී 20 වනදා දක්වා රිමාන්ඩ්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකරව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අනුව…

T20 World Cup 2024 : ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර උප නායකයා ලෙස නම් කර ඇත්තේ චරිත් අසලංකයි. ආබාධ හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි විස්සයි…

අනුර කුමාර දිසානායක හා UN නේවාසික සම්බන්ධීකාරක අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් (09) සිදුව තිබෙනවා. මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි…

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම (09) ආරම්භ වුණා. විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…

ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමිසම

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.…

ඩයනාට විදේශගත වීම වළක්වාලමින් නියෝගයක්

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසද නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ. අගතියට පත්…

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය (09) නියෝග කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් කළ පෙත්සම අද…

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

මේ දිනවල WhatsApp Group යොදාගනිමින් සිදුකරනා මුදල් වංචා වලින් ප්‍රවේශම් වන ලෙස FINCSIRT සහ LankaPay ආයතන මහජනතාව දැනුවත් කරනවා. මෙවැනි වංචාවලදී ඔබව නොදන්නා අංකයකින් ව්‍යාජ නම්වලින් ඇති WhatsApp Group වලට එක්කර, සම්පූර්ණ කිරීම සඳහා යම් යම් කාර්යයන් ලබා දෙන බවද,…

දැනට යන ගමනේ පීල්ල මාරු කළොත් ආයේ වැටෙන්නේ අපායටමයි – ජනපති

මීට වසර දෙකකට පෙර තිබුණු තත්ත්වයට වඩා රට ඉහළට ගමන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මේ ගෙවමින් ඇත්තේ අපායේ විවේකයක් බවට විවිධ පිරිස් කරන චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ක්‍රමවත් සැලසුමක් ඔස්සේ මේ වන විට අපායෙන් ගොඩ…