Category Local News

මංගල සාදයට ගිය කැබ් රථයක් අනතුරක – කාන්තාවක් මරුට – 9කට තුවාල

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් දඹුල්ල දිගම්පතහ අතරමැදි කඳවුර ආසන්නයේදී ලොරි රථයක ගැටී (10) රාත්‍රී සිදුවූ අනතුරකින් එක් කාන්තාවක් මිය ගොස් තවත් නව දෙනෙක් තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි…

විදුලිබල පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනේ

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගනු ලැබුවා. මෙම යෝජිත නව විදුලිබල පනත මගින් ලබාදී ඇති පුළුල් බලතල හේතුවෙන් විදුලිබල…

මධ්‍යම අධිවේගයේ කොන්ක්‍රීට් බාල්කය කඩා වැටීමේ සිද්ධිය විමර්ශනය කිරීමට විශේෂඥ කමිටුවක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටසේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. මේ විෂයය සම්බන්ධ විශේෂඥයන් 03 දෙනෙකුගෙන් යෝජිත කමිටුව සමන්විත වන බවද,…

හෙළකුරු සමාගම ISO 27001 ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිකය හිමි කරගනී

හෙළකුරු නිර්මාණය කර ජනගත කරන භාෂා ලංකා පුද්ගලික සමාගම ISO 27001 ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිකය හිමි කරගෙන තිබෙනවා. Bureau Veritas ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය මඟින් සිදුකරන ලද ස්වාධීන ආරක්ෂණ විගණනයකින් අනතුරුවයි මෙම ප්‍රමිති සහතිකය ඔවුන් හිමි කරගෙන ඇත්තේ. හෙළකුරු Superapp එ​ක…

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවෙලා නෑ – විභාග කොමසාරිස් ජනරාල්

දැනට පැවැත්වෙන අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත්, ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අපේක්ෂකයින් පෙනී සිටි අවස්ථාවේ අක්‍රමිකතා සිදුවීම් තුනක් සම්බන්ධව තොරතුරු ලැබුණු බවයි…

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

ශ්‍රී ලංකා – එක්සත් ජන­පද සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් දකුණු සහ මධ්‍යම ආසි­යානු කට­යුතු පිළි­බඳ අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ. ශ්‍රී ලංකා­වට අම­ත­රව සිය ආසි­යානු සංචා­ර­යේදී ඉන්දි­යාවේ සහ බංග්ලා­දේ­ශයේ සංචා­රය කිරී­මට නිය­මි­තව තිබෙන අතර…

T20 World Cup 2024 : ශ්‍රී ලංකා කණ්ඩායමේ ජර්සිය එළිදක්වයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම (10) සිදු කෙරුණා. මේ සඳහා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරන සියලු ක්‍රීඩකයින් එක්ව සිටියා.

සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ – සේනක ද සිල්වා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සමගි ජන බලවේගයේ ලකුණින් ඉදිරිපත්වීමට අවස්ථාව ලබා නොදෙන බව ඩයනා ගමගේගේ ස්වාමි පුරුෂයා වන සේනක ද සිල්වා පවසනවා. පක්ෂය ලබාදීම සිදුකරන්නේ එකඟතා ලියවිල්ලක් මත බවයි (10) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සඳහන් කළේ.…

රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්නත් කැමතියි, වෙන් වෙන්නත් කැමතියි – බැසිල්

රට වෙනුවෙන් ඕනෑම අයෙක් සමඟ එකතුවීමට හෝ වෙන්වීමට කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉක්මනින් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ. මේ වනවිට…

BMW රථ 1728 ක් ආනයනයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ​ව නව විමර්ශනයක් කිරීම​ට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණයෙන් නියෝ​ග

2011 වසරේ සිට 2014 වසර දක්වා රජයේ නිලධාරින්ට නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ BMW වර්ගයේ වාහන 1728ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් නව විමර්ශනයක් සිදුකිරීමට අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබෙනවා. එහිදී පෙත්සම්කාර සමාගම වරදක් සිදුකර ඇති…