Category Local News

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය…

ඉදිරි වසරේ දී අපේක්ෂිත 3%ක ආර්ථික වර්ධනයත් සමඟ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කරනවා

අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ජනපති ගත් තීන්දු තීරණවලින් හෙද සේවයට වරප්‍රසාද රැසක් හිමි වුණා. 2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා…

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරනවා

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට…

නයිට්රයිඩර්ස් මුල් තැනට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 60 වන තරගය, ලකුණු 18 කින් ජයගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමිනි. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ ඊඩන් ගාඩ්න්ස් හිදීය. පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පන්දු වාර 16 ක්…

මෛත්‍රී නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ. ඒ,එම පක්⁣ෂයේ විධායක කමිටු රැස්වීමේදී ය. අමාත්‍ය විජේදාස රාජපක්ෂව ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට පත් කර ඇත.

අපි කියන වැදගත් දේශපාලන සංකල්ප වත්මන් පාලකයින් විකෘති කරමින් ඉන්නවා – අනුර

තම පක්ෂය භාවිතා කරන වචනවල අර්ථය විකෘති කරමින් වත්මන් පාලකයින් ප්‍රචාර ගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය යන පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාව ළඟ බවද, ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ ව්‍යවස්ථාදායක කොටස ජනතාව විසින්…

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 ක් මරුට

ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. උපාධි උත්සවයක් සඳහා සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් එලෙස අනතුරට ලක්වී ඇති බවයි සඳහන් වෙන්නේ. බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී මෝටර්…

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන විශ්ලේෂණයක් කිරීමට රජයෙන් පියවර

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල්…

වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා – ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ආනයන සීමා පුද්ගලික භාවිතාව සඳහා ආනයනය කරනා…

දන්සැල් සඳහා ලංකා සතොසෙන් විශේෂ වට්ටම්

එළෙඹෙන වෙසක් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට කටයුතු කරන බව ලංකා සතොස ආයතනය පවසනවා. ඒ අනුව සංවිධානය කරනු ලබන දන්සල් සදහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17…