Category Local News

ලංකාවට අද එන අමෙරිකාවේ ඩොනල්ඩ් ලූ

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (13) නිල චාරිකාවක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය. ඒ අනුව, ඔහු ශ්‍රී ලංකාව සමඟ අමෙරිකාවේ හවුල්කාරිත්වය සම්බන්ධයෙන් සොයා බැලෙන අතර ඔහුගේ මෙම චාරිකාවේ දී ශ්‍රී ලංකාවේ දේශපාලන නියෝජිතයින් සහ…

ජුනි 01වැනිදා සිට ඉතාලියේ වීසා දෙන්නේ VFS ආයතනයෙන්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද(13) සිදුවිය. එළඹෙන ජූනි මස පළමුවනදා සිට ඉතාලිය සිය වීසා ලබාදීමේ කටයුතු VFS ආයතනය සමඟ එක්ව සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති…

නෙළුම් කුළුණේ Base Jump සිදුකරමින් සිටි විදේශිකයෙකු තුවාල ලබයි

කොළඹ නෙළුම් කුළුණේ Base Jump සිදුකරමින් සිටි විදේශිකයෙකු වහලකට ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. Base Jump කිරීම සඳහා නෙළුම් කුළුණෙන් පහළට පැන ඇති විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම ප්‍රමාද වීම නිසා ඔහු මෙසේ වහලයක් මතට ඇද වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.…

විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

(13) පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කොළඹ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

විරෝධතාකරුවන් පිරිසකට උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

(13) දින පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව අදාළ විරෝධතා පා ගමන සංවිධානය කර තිබූ…

O/L ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp සමූහයකට මුදා හැරීමේ සිද්ධියට සැකපි​ට තවත් අයෙක් අත්අඩංගුවට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය whatsapp සමූහයක් වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව විභාග රාජකාරියේ නිරතව සිටි පුද්ගලයෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුගිය 9 වැනිදා පැවැති…

ඩුබායි නුවර සිට කෝටි 18ක රන් බිස්කට් හොරෙන් ගෙනා ඉන්දියාවේ ඇෆ්ගන් කන්සියුලර් ජනරාල් මාට්ටු

කිලෝග්‍රෑම් 25ක රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට රැගෙන පැමිණි ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල් සකියා වර්දාක් මුම්බායි ගුවන්තොටුපොළේදි හසු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය ඉන්දීය රුපියල් කෝටි 18.6ක් වටිනා රත්රන් තොගය ඩුබායි නුවර සිට රැගෙන…

ඩයනා ගියාට සජබට මන්ත්‍රී ධුර අහිමි වන්නේ නෑ

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහිමි වූ පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරත් අහිමි වන බවට සිදු කරන ප්‍රකාශයන්ගේ කිසිදු… ප්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් කිසිසේත් එවැනි දෙයක් සිදුනොවන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවැසීය. සමගි…

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය හතර අතේ බෙදපු ගුරුවරයා හා ගුරුවරිය මාට්ටු

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ කොටස් කිහිපයක් වට්ස්ඇප් සමූහයක් ඔස්සේ උපකාරක පන්ති සිසු පිරිසකට මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු සහ තවත් පාසල් ගුරුවරියක ගම්පහදී අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර කොට්ඨාස පරිගණක අපරාධ…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (13) සහ හෙට (14) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද සඳුදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද දිනයේ ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය , ශ්‍රී ලංකා සුරැකුම්පත්…