Category Local News

Online Safety පනතේ අරමුණ ආණ්ඩු විරෝධී posts ටික අයින් කරලා දාන එක – හර්ෂ

ඊයේ (01) සිට බලාත්මක කරන ලද Online Safety පනතේ අරමුණ වන්නේ ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය සටහන් මර්දනය කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඒ අනුව ඒවා සමාජ මාධ්‍ය වෙත එක්කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම එහි අරමුණ බවයි…

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක්

මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන…

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කරයි

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා. ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසය සඳහා ද අදාළ බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කෙරේ

පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළා.

පාන්වල බර ප්‍රදර්ශනය කළ යුතු බවට ගැසට් නිවේදනයක්

පාන්වල බර පැහැදිළිව පෙනෙන ලෙස සටහන් කළ යුතු බවට වන ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාන් ගෙඩියක නියමිත බර ලෙස ග්‍රෑම් 450 ක් ලෙසත්, පාන් භාගයක බර ග්‍රෑම් 225 ක් ලෙසත් දැක්විය යුතු…

කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (02) පෙරවරුවේ එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

අද කාලගුණ නිවේදනය

අද (03) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පස්වරු 02.00න් පමණ පසු, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක…