Category Local News

වඳවෙමින් සිටින බටු කැස්බෑවෙක් මසට ගෙනියද්දී දැලේ

වඳ වීමට ලක්ව තිබෙන බටු කැස්බෑවකු ළඟ තබාගත් පුද්ගලයන් තිදෙනකු පසුගියදා (01) අලුයම කඹුරුගමුව වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මිරිස්ස අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය. බිත්තර දැමීම සඳහා මෙම බටු කැස්බෑවා කඹුරුගමුව වෙරළ තීරයට පැමිණි අවස්ථාවේ මස් පිණිස…

තලවිල තරුණයෙක් නිදහස සමරා දිය මත පාපැදියෙන් යයි

නිදහස් සමරමින් මාරවිල තල්විල ප්‍රදේශයේ තරුණයෙකු තමන් විසින් නිෂ්පාදනය කරන ලද දිය මත යා හැකි පාපැදියක ජාතික කොඩිය ගසා මාරවිල මුහුදේ පැයකට ආසන්න කාලයක් ගමන් කිරීමේ පුවතක් වාර්තා වේ. ඊයේ 04 දහවල් මේ ක්‍රියාවේ නිරත වුයේ දිනේෂ් මධුරංග අප්පුහාමි (39)…

සමන්එළිය විදුහල් භූමියේ පැණි වරකා පැළ දහසක් රෝපණය කෙරේ

ජාත්‍යන්තර තෙත්බිම් දිනයට සමගාමීව සහ හෙල්පින් නුවරඑළිය වැඩසටහන යටතේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් මස්කෙළිය සමන්එළිය විදුහල් භූමියේ පැණි වරකා පැළ දහසක් රෝපණය කිරීමේ වැඩසටහනක් ඉකුත් 02 වැනි දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් පරිශ්‍රයේදී සිදු කෙරිණ. මාවුස්සාකැලේ ජල…

යටලමත්ත සිසු සිසුවියන්ට පොත්පත් හා පාසල් උපකරණ

ගාල්ල යටලමත්ත මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්හට පොත්පත් හා පාසල් උපකරණ බෙදා දීම පවර් නෙට් පෞද්ගලික සමාගමේ අධිපති විමල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (02) වැනිදා එම විද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි. එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව විමල්…

කේරළ ගංජා කිලෝ 15ක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මාට්ටු

යාපනයේ මනිපායී ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 15ක් සමඟ එක් සැකකරුවකු පෙරේදා (03) අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මෙම සැකකරු යාපනයේ මත්ද්‍රව්‍ය…

එඬේරමුල්ල නිවෙසක කෝටි 10ක මත් කරල් ගබඩාවක්

මසකට රු. 30,000ක කුලියක් ගෙවලා දොස්තර නිර්දේශ මත නිකුත් කරන වේදනා නාශකයක් ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධිව මෙරටට රැගෙන එන මත් කරල් රටපුරා බෙදා හරිනු ලබන ඡාවාරමකට සම්බන්ධ මහනුවර පදිංචි ව්‍යාපාරික වෙස්ගත් මහ මොළකරුවෙකු හඳුනාගත් පොලිස් විශේෂ කාර්ය…

අම්පාර මහ රෝහලේ එන්ඩොස්කොපි යන්ත්‍රය කොට උඩ

වසර 3ක් තිස්සේ රෝගීන්ටවෙනත් රෝහල්වලට යන්න වෙලා අම්පාර මහ රෝහලේ ඇති එන්ඩොස්කොපි යන්ත්‍රය කැඩී වසර තුනක් ගතව ඇතත් එය මෙතෙක් නවීකරණය නොකිරීම හේතුවෙන් එම පරීක්ෂණය සඳහා රෝගීන්ව මඩකලපුව, මහනුවර හෝ බදුල්ල රෝහල්වලට යැවීමට සිදුව තිබේ. මෙම යන්ත්‍රය මඟින් උදරයේ ඇති…

මුන්දලම කලපුවේ මසුන් මරන්න ගෙනා තහනම් තංගුස් දැල් තොගයක් අත්අඩංගුවට

දැල්වල වටිනාකම ලක්ෂ 2කට වැඩියි මුන්දලම කලපුවේ මසුන් මැරීම සඳහා දමා තිබූ තහනම් නීති විරෝධි දැල් සොයා සිදු කල මෙහෙයුමකදී ලක්ෂ දෙකකට වැඩි තංගුස් දැල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පසුගියදා (1)…

කොරකහගොල්ල ගම්මැද්ද ව්‍යාපෘතියට යට කළ මිලියන 9ක් වතුරේ

කිසිදු පූර්ව අධ්‍යයනකින් තොරව ආරම්භ කරන විවිධ ව්‍යාපෘති අතරමග ඇනහිටීම හේතුවෙන් මහජන මුදල් නිකරුණේ විශාල වශයෙන් විනාශ වී යෑම වැළැක්වීමට එවැනි ව්‍යාපෘති කෙරෙහි රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනතාව පවසති. මීට දශක දෙකකට පමණ පෙර රජය විසින් ආරම්භ…

පන්සල් ගිය කතට මහමඟෙදී මාරයා හමු වෙලා දියණියට බරපතළ තුවාල

පන්සල් ගොස් එමින් සිටි කාන්තාවක සහ ඥාති දියණියක ස්කැමල් රථයකට යටවී කාන්තාව මියගොස් දියණිය බරපතළ තුවාල ලබා ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි. අනතුරෙන් මියගොස් ඇත්තේ මොරොන්ත්ඩුව, මහ ගෝනදූව ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රියන්තා කුමුදුනී වනසිංහ නමැති 60 හැවිරිදි කාන්තාවකි. මියගොස් ඇති කාන්තාවගේ…