Category Local News

වැඩ තහනම් කළ අය යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විදුලි සේවකයන් උද්ඝෝෂණයක

ලංවිම සියලු වෘත්තීය සමිති එකමුතුව විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට (07) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. වැඩ තහනම් කළ සියලුම විදුලිබල මණ්ඩල සේවකයන් යළි සේවයේ පිහිටුවන ලෙස බලධාරීන්ට බල කරමින් (07) දහවල් 12ට කොළඹ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වුණා. මේ…

විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් ධීවරයෙක් මරුට

අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක මාළු බහාලන ටැංකියක් තුළදී විෂ වායුවක් ආඝ්‍රහණය වීම නිසා එක් ධීවරයෙක් මියගොස් තිබෙනවා. මෙම සිද්ධියෙන් ධීවරයින් 08 දෙනෙකු රෝහල්ගතකර ඇති බවත්, පසුව එයින් එක් පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති බවත්, සෙසු ධීවරයින් 07…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයින වටා වන…

ජනාධිපති ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) අලුයම නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. පෙබරවාරි මස 9 වන දා සිට 10 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස…

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද ඇරඹේ

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද (08) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම විවාදය අද සහ හෙට යන දින දෙක තුළ පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 9 වැනි පාර්ලිමේන්තුවේ 05 වැනි සභා වාරය ආරම්භ කරමින්…

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය පෙබරවාරි 29ට පෙර අවසන් කළ යුතුයි – මැතිවරණ කොමිසම

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු ප්‍රමාද නොවී සම්පූර්ණ කරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය සිහිකැඳවීමක් සිදු කර තිබෙනවා. ​අදාළ ලියාපදිංචි කටයුතු පෙබරවාරි 29 වැනිදාට පෙර අවසන් කළ යුතු බවයි එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ. තම…

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හිරිහැර කරන පුද්ගලයින් සොයා අද සිට මෙහෙයුම්

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කාන්තාවන්ට විවිධ අතවර සහ ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන් නීතියේ රැහනට හසු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද (07) සිට ආරම්භ කළ බව පොලීසිය පවසනවා. ඒ සඳහා රහසිගත කැමරා සහිතව පොලිස් නිලධාරීනියන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස්…

පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතට

පරිස‍ර අමාත්‍ය ධුරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා. පරිසර අමාත්‍ය ධූරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.…

Online Safety පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනිමින් ගැසට් නිවේදනයක්

සමාජ මාධ්‍ය නියාමනය සඳහා රජය ගෙන ආ Online Safety පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් එහි සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබෙනවා. මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.