Category Local News

හිමිනමට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

ගම්පහ, මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිමිනම ඝාතනය කිරීමට පැමිණි වාහනය සහ ගිනිඅවිය ලබාදුන් පුද්ගලයාව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.…

ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

එල්.කේ. ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද (08) දිවුරුම් දී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙලෙස දිවුරුම් දී තිබෙනවා.

සනත් නිශාන්තගේ මරණය සැක සහිත බවට බිරිඳගෙන් CIDයට පැමිණිල්ලක්

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයේ සැක සහිත තැන් ඇති බවයි ඇය සිය පැමිණිල්ල මඟින් පෙන්වා දෙන්නේ. ඒ අනුව එම සැක සහිත…

ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනමට ලක්කර තිබෙනවා. ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට බාහිර පුද්ගලයෙකු විසින් වස අඩංගු කිරි පැකට්ටුවක් ලබාදීමේ සිද්ධියට අදාළව මෙලෙස ඔවුන්ගේ වැඩ…

Online Safety පනත සම්මත කිරීමේදී රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කරලා – විපක්ෂ නායක

අධිකරණය ලබාදුන් තීරණ පැහැර හරිමින් Online Safety පනත සම්මත කිරීම, රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පනත් කෙටුම්පතේ 16 වැනි සහ 19 වැනි වගන්ති ඉවත් විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ පැහැදිලිව සඳහන්ව තිබුණද, පනත සම්මත…

කෝටි 37 ක මැණික් ජාවාරමකට හිමිනමක් ඇතුළු දෙදෙනෙකු දැලේ

යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත  නීති විරෝධි අයුරින් විකිණීමට උත්සහ කරන ලද කාකා නිල් මැණික් (Sapphire Blue Stone) 2ක් කොස්ලන්ද පොලිසිය විසින්  සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙයි. මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මැණික් ගල් රුපියල් කෝටි…

යුක්තියට 728 ක් කොටු වෙයි

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 728ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 558 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත එහිදි අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන්…

ව්‍යාපාරිකයෙකු සහ වෛද්‍යවරයෙකු පැහැර ගෙන ගිහිං

පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගැනීම සම්බන්ධයෙන් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. මාතර නගරයේ දී ව්‍යාපාරිකයෙකුව මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි මාතර පොලිස් ස්ථානයට ඊයේ (07) පැමිණිල්ලක් ලැබී ඇත. පසුව එම සැකකරුවන් මාලිම්බඩ පොලිස් වසමේ රැඳී…

විදෙස් සංචිත ඩොලර් බිලියන 4.4 ක් දක්වා ඉහළට – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජනවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය 2023 දෙසැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 4,392 ක නිල සංචිත වත්කම් හා සැසඳීමේ…

අනුර කුමාර දිසානායකත් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගාගෙන තිබීම හොඳයි – රෝහිත

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගාගෙන තිබීම හොඳ ප්‍රවණතාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහුගේ ඉන්දීය සංචාරය සිදුකරන විට සිහිපත් වන්නේ 88-89 කාලයේ ඉන්දීය ව්‍යාප්තවාදය සිදුවන බවට සඳහන් කරමින් කටයුතු කළ ආකාරය බවත්, එම අවස්ථාවේදී…