Category Local News

SL vs BAN : බංග්ලාදේශ සංචිත​ය නම් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 03 කින් යුත් T20 තරගාවලිය හා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන බංග්ලාදේශ සංචිත එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නජ්මුල් හොසේන් ශන්තෝ තරග රටා ත්‍රිත්වයේම බංග්ලාදේශ නිත්‍ය…

බූස්ස බන්ධනාගාරයේ පොළොව යට සඟවා තිබූ ජංගම දුරකථන උපාංග අත්අඩංගුවට

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පොළොව යට සඟවා තිබූ ජංගම දුරකථන හා දුරකථන උපාංග කිහිපයක් පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ A හා D වාට්ටුවල කළ හදිසි සෝදිසි කිරිමකදී පොළොව අභ්‍යන්තරයේ සූක්ෂම ලෙස සඟවා…

2024 වසරේ විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් දැනුම්දීමක්

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ අනුව 2024 වසරේ පැවැත්වෙන 2023 සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බවත්, උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා…

නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ

නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ වනවිට රාජ්‍ය සේවයේ ග්‍රාම නිලධාරී පුරප්පාඩු ‍2800 ක් පමණ පවතින බවත්, ඒ අනුව ග්‍රාම නිලධාරීවරුන් 2100 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට…

කොළඹ රථ වාහන වැරදි කළ 560 ක් CCTV මඟින් හඳුනා ගැනේ

කොළඹ නගරයේ ස්ථාපිත CCTV කැමරා පද්ධති ආශ්‍රිතව රථ වාහන වැරදි 560 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. අදාළ රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ. ඒ අනුව CCTV කැමරා පද්ධති…

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල වැඩ වර්ජනය අදත්

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (14) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 06.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය විවෘත කෙරේ

  ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය () ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (13) නිල වශයෙන් විවෘත කරන ලදී. මෙමඟින් ජනතාවට ජනාධිපති අරමුදල වෙතින් සපයනු ලබන සේවාවන්ට අදාළ යාවත්කාලීන වූ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගැනීමේ හැකියාව…

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ධාරිතාව ගොඩනැඟීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළෙ ක්‍රියාවට නැංවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේදී දෙරටේම ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දෙරට අතර සබඳතා නව ක්ෂේත්‍ර…

රට ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යාමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි

වෘත්තිකයන් බිහිකළ හැකි අධ්‍යාපන ක්‍රමයක් ඉදිරියේදී ඇති කරනවා – 2024 වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනපති පවසයි. රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී…

විදත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගන්නවා – රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

විදත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර පැවසීය. ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ…