Category Local News

ණය නියාමන අධිකාරි පනත යළි සැකසීමට කමිටුවක්

පසුගියදා ආන්දෝලනයකට තුඩු දුන් ණය නියාමන අධිකාරි පනත එහි බලපෑමට ලක්වන සියළු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන නැවත සැකසීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට මුදල් හා ආර්ථික ස්ථායීකරණ අමාත්‍යංශය විසින්…

වැවිලි බෝග අපනයනයෙන් ඩොලර් මිලියන 1118ක ආදායමක්

තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග පහ අපනයනය මගින් 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 1118.06ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2023 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා…

ඊශ්‍රායලයේ කෘෂි අංශයට තවත් ශ්‍රමිකයින්

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ සේවය බලා පිටත්ව යන ශ්‍රමිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබා දීම සිදුකර තිබෙනවා. ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊශ්‍රායලයේ කෘෂි අංශයේ ඍතු පදනම මත සේවය කළ ශ්‍රමිකයින් 08 දෙනෙකුත් අලුත් ශ්‍රමිකයින්…

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි. කොළඹ වරාය නගරයේ ව්‍යාපාරවල යෙදීමට බලාපොරොත්තු වන ආයෝජකයින් විසින් පෙන්වා දී ඇති ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා පවතින බාධාවන් ඉවත් කරමින්, ගෝලීය වශයෙන් තරගකාරී විශේෂිත ආර්ථික…

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් නීතිගත කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටලු පිළිබඳව අධ්‍යයනය කර ඒවා විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙහිදී එම කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද…

වසරේ පළමු මාස කිහිපයේ වැවිලි බෝග අපනයන ආදායම ඉහළට

මෙම වසරේ පළමු මාස හතර තුළ වැවිලි බෝග අපනයන ආදායම ඩොලර් මිලියන 1118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග 5 අපනයනය මඟින් 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති…

පෙම්වතිය බලන්න ගිය තරුණයාට කඩුවෙන් කොටයි

කිළිනොච්චියේ සිට යාපනයේ සිය පෙම්වතිය බැලීමට ගිය තරුණයෙකුව කඩුවකින් කපා ඔහු සතුව තිබූ මුදල් හා ස්වර්ණාභරණද ජංගම දුරකතනය ද ඊයේ  ( 29 )  කොල්ල කා තිබේ. කිළිනොච්චියේ සිට යාපනයට ගොස් එතැන් සිට මොහු  උරුම්පිරායි ප්‍රදේශය දක්වා ත්‍රී රෝද රථයකින් ගොස්…

ගිනිගත් නිවසේ සිටි මහලු පියා එම ගින්නටම හසුවී මරුට

වත්තල මාටාගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ හදිසියේ ඇතිවූ ගින්නකින් වයස අවුරුදු 90ක් වූ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. තෙමහල් නිවසක් තුළ ඇතිවූ මෙම ගින්න පිළිබඳ 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇති…

නෙත්තමළුව රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය නෙත්තමළුව රක්ෂිතයේ ඇතිවූ ගිනකින් අක්කර 10කට අසන්න භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙත්තමළුව කඳු රක්ෂිතය තුළ ඊයේ (29) පස්වරුවේදී මෙම ගින්න හටගත් බව සඳහන්. එම ගින්න ඊයේ රාත්‍රී කාලයේදී කඳු රක්ෂිතය තුළ වේගයෙන්…

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලනයේම යෙදුණොත් රටේ තෙවැනි සිවිල් යුද්ධයක් ඇති වීම වැළැක්විය නොහැකියි

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය. නව ආර්ථික පරිවර්තන…