Category Local News

ඕනෑම අවස්ථාවක විශ්‍රාම යන්න සූදානම් – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

තමා ඕනෑම අවස්ථාවක විශ්‍රාම යෑමට සූදානම් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. ඒ අනුව රාජ්‍ය සේවයේ සිටීමේ හරයක් නැති බවයි (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හා එහි උසස් නිලධාරීන්…

මේ වෙලාවේ කවුරුත් අඩුම පඩියකට රටට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි – රංජිත් සියඹලාපිටිය

මේ අවස්ථාවේ සියලුම දෙනා අඩුම පඩියකට රටට වැඩ කිරීමට හැකි නම් හොඳ තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. (20) පාර්ලිමේන්තුවේදී මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝකයේ සෑම රටකම මහ…

වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන්න ජනතාව දින ගණන් කරමින් ඉන්නේ – මුජිබර් රහුමාන්

තමාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි නිසා කුමක් හෝ ගැටයක් ගසා එය නොපවත්වා සිටීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවී ඇති බවට පැහැදිලි වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව අනිවාර්යෙන්ම පැවැත්විය යුතු මැතිවරණයක් බවත් එම මැතිවරණය කිසි ලෙසකින් කල් දැමීමේ…

ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද වැඩි වුනාට 12% කින් උඩට යන්නේ නෑ – එස්.බී. දිසානායක

රටේ ආර්ථිකය යම් ආකාරයක ශක්තිමත් බලාපොරොත්තු සහගත ස්ථානයකට ගෙන ඒමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. රටේ නොයෙකුත් දේශපාලන රැලි මතුවෙමින් ඇති බවත්, ජනතා විමුක්ති පෙරමුණට පෙරට වඩා ඡන්ද ප්‍රමාණයක් ලැබුණත් එය 10%…

ගුරු විදුහල්පතිවරු අද විරෝධතාවක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යළි උද්ඝෝෂණ මාලාවක්. පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි එම උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කරන බවයි එම සන්ධානය නියෝජනය කරන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ. ඒ අනුව මහනුවරදී  (20) දහවල් 2.00 ට දැවැන්ත…

ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි කියූ හරීන්ගේ ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතයද කියා ප්‍රකාශ කළ යුතුයි – විමල්

ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් පාර්ලිමේන්තුවේදී (20) ප්‍රශ්න කළා. එසේ නැතිනම් එය ආණ්ඩුවේ නිල මතයද, ඔහුගේ පෞද්ගලික මතයද යන්න හෙළි කළ යුතු බවත්, තමන් නියෝජනය කරන රට සම්බන්ධයෙන් එවැනි…

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුව​ට දැනුම්දෙයි

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව වගන්ති කිහිපයක් විශේෂ බහුතරකින් සහ තවත් වගන්ති කිහිපයක් විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දු කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ඩීසල් ටොන් 40,000ක් ලබාදෙයි

ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලබාදී තිබෙනවා. මෙම ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 සෞඛ්‍ය ආයතනවලට බෙදාහැරිමේ කටයුතු සදහා Fuel Management Information System (FIMS) පද්ධතියක් නිර්මාණය කර ඇති අතර, එම…

ඉරාන විදේශ ඇමති දිවයිනට පැමි‍ණෙයි

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය Hossein Amir-Abdollahian තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිස (19) රාත්‍රී දිවයිනට පැමිණි බවයි වාර්තා වෙන්නේ. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ආරාධනයක් මත දිවයිනට පැමිණි…

බොරැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.  (19) රාත්‍රී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සුඛෝපභෝගී මහල්…