Category Local News

ගල්ගමුවේ අලි 200කට ආරක්ෂිතව රේල්පාර හරහා යන්න වනජීවී උමං මාර්ගයක්

ශ්‍රී ලංකාවේ දුම්රිය වල හැපී මියැදෙන අලි ඇතුන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වන අතර එය ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමු වී ඇති පාරිසරික සහ සංවර්ධන ගැටළුවක් බවට පත්ව තිබේ. ඒ සඳහා විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශව රැසක් දීර්ඝ…

සිරිපා වන්දනාකරුවන් රැගත් බසය නානුඔයදී පෙරළී 8කට තුවාල

මාතර සිට නුවරඑළිය හරහා වන්දනාකරුවන් පිරිසක් ශ්‍රී පාද වන්දනාවේ රැගෙන පැමිණි පෞද්ගලික බස් රථයක් නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී මාර්ගය හරහා පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර…

ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

අද (23) දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයිනේ ඇතැම් ස්ථානවල…

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

නවම් පුර පසළොස්වක පෝය දිනය අදට (23) යෙදී තිබෙනවා. රජග‍හනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම අද වැනි නවම් පුර පසලොස්වක පොහෝ දිනක සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එමෙන්ම ඕවාද ප්‍රාති මෝක්ෂය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන…

නියමිත බර නොමැති පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453කට නඩු

නියමිත බර නොමැති පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453 කට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයේ දක්වා තිබූ බර අනුව බේකරි සහ අලෙවිසැල්…

සනත් නිශාන්ත සිදුකළේ පුත්තලමට ගැලපෙන දේශපාලනය – මහින්ද

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මිය යනතුරු හා මියගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. (22) පාර්ලිමේන්තුවේදී පැවති අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මන්ත්‍රීවරයා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, එසේ හදවත දිනා ගැනීම සිදු…

Online Safety පනතේ දක්වා ඇති වැරදි පෙබරවාරි 01 වනදා සිට සිදුකර ඇත්නම් එම පනත හරහා කටයුතු කළ හැකියි – රුවන් ගුණසේක

Online Safety පනතේ 12 වගන්තියේ සිට 22 වගන්තිිය දක්වා ඇති වැරදි පෙබරවාරි 01 වනදා සිට සිදුකර ඇත්නම්, එම වැරදි සඳහා මෙම පනත හරහා කටයුතු කිරීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර පවසනවා. අදාළ පනත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා…

බේකරි නිෂ්පාදන ආයතන 1000 ක් වැසී ගිහින් – බේකරි හිමියන්

අධික ජල, විදුලි බිල්පත් සහ වැට් බදු හේතුවෙන් රට පුරා පාන් ඇතුලු බේකරි නිෂ්පාදනය කරන ආයතන දහසකට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම, බිත්තර මිල ඉහළ යාම සහ පාරිභෝගිකයින්…

අධික උෂ්ණත්වය මාසයක පමණ කාලයක් පැවතිය හැකියි – කාලගුණ දෙපාර්තමේන්තුව

පවතින අධික උෂ්ණත්වය මාසයක පමණ කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළඟ නිශ්චිත දිශාවකින් තොරව හමායෑ​ම හා වායුගෝලයේ ජල වාෂ්ප අඩුවීම මෙම උණුසුම් කාලගුණය ඇතිවීමට හේතුව බවයි එහි අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් විජේමාන්න සඳහන් කළේ. කෙසේ නමුත්…