Category Local News

අග්‍රාමාත්‍ය ලේකම් හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick ) අතර හමුවක් ඊයේ (07) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීම හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වැනි ක්‍රියා…

ඉදිරියේ දී පාසල් මට්ටමේ නව නිපැයුම් වෙළෙඳපොළ තුළ වාණිජකරණයට අවස්ථා

2024 සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ඊයේ (07) දවස පුරා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්විණි මේ සඳහා  ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වූ අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සමස්ත ලංකා…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට නවක සිසුන් 237 ක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2023/ 2024  කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම පිළිගැනීම පසුගිය දින එම වෛද්‍ය පීඨයේදී  සිදුවිය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා දේශන රඟහලේදී  (physiology lecture theatre) මෙම පිළිගැනීමේ උත්සවය පැවැත්විණි. මෙම නව…

කෘත්‍රිම බුද්ධිය භාවිතයේ දී පවතින අභියෝග ගැන අගමැති සාකච්ඡාවක

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (07) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන රාජ්‍ය අංශයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හමුවක් කැඳවා තිබිණි. අමාත්‍යාංශය තුළ විද්‍යාව හා තාක්‍ෂණය භාවිතයේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ…

ඡන්දෙට පාසල් නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබේ. අමාත්‍යංශය පවසන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් පරිදි මෙසේ නිවාඩු ලබා දී ඇති අතර මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව, සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්,…

මහ ඡන්දයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අදින් අවසන්

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වෙයි. පසුගිය ඔක්තෝබර් 30 වනදා නොවැම්බර් 01 වනදා , 4 වනදා සහ 7 යන දිනයන්හි දී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට අද දිනයේ ද අදාළ  දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී…

සංශෝධන අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රයන්හි යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් මේ මස 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට පෙර සිදු කළ යුතු යැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අපේක්ෂකයන්ට දැනුම් දෙයි. සියලුම…

ලොව ආකර්ෂණීයම සංචාරක දූපත ශ්‍රී ලංකාවයි-Reader Travel Awards රන් සම්මානයත් හිමි වෙයි

ලොව ආකර්ෂණීය සංචාරක දූපතක් වශයෙන් යළිත් වරක් තහවුරු කරමින් එක්සත් රාජධානියේ ජනප්‍රියතම සංචාරක සඟරාව වන Wanderlust විසින් සංවිධානය කරන Wanderlust Reader Travel Awards සම්මාන වැඩසටහනේදී ‘වඩාත් කැමැති දිවයින (Most Desirable Island) සඳහා වන රන් සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.…

ගුවන් හමුදා සාම සාධක රාජකාරියෙන් මහා භාණ්ඩාගාරයට කෝටි 3,790ක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වසරේ සිට මේ දක්වා සාම සාධක රාජකාරි සඳහා සම්බන්ධවීමෙන් රුපියල් කෝටි 3, 790ක මුදලක් (අමෙරිකානු ඩොලර් මිලියන 130 ) මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට කටයුතු කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාමේ නිලධාරීන් 20 දෙනකු…

පාස්පෝට් ගැටලුවට හේතුව ඉහළ පරිපාලනය දුන් සාවද්‍ය තොරතුරුයි-ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුවේ දී මහජනතාව මෙන්ම ජනාධිපතිවරයා පවා අසීරුතාවට පත්වූයේ දෙපාර්තමේන්තුවේ ඉහළ පරිපාලනයේ සාවද්‍ය තොරතුරු නිසා යැයි ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මහජනතාව අසීරුතාවට පත්කළ එවැනි නිලධාරීන්…