Category Local News

දේවිකා කොඩිතුවක්කු සමගි ජන බලවේගය සමඟ එක්වෙයි

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා. ඒ අනුව ඇයව සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය…

ගාසා තීරයේ ළමුන් වෙනුවෙන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබාදීමට ශ්‍රී ලංකා රජයේ අවධාන​ය

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා විශේෂ අර​මුදලක් පිහිටුවීමට ජනාධිපති…

ජනාධිපතිවරණය සැප්තැම්බර් 18 හා ඔක්තෝබර් 18 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණය පැවැත්වීම ව්‍යවස්ථාපිත කාර්යයක් බැවින් ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානමින් සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. මුදල් සංසරණය හා සංවර්ධන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන පසුබිමක් තුළ මුදල් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය…

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් STF සමඟ වෙඩි හුවමාරුවකින් මරුට

මහබාගේ ප්‍රදේශයේ මස් කඩ හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් සූරියවැව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා සුරියවැව ප්‍රදේශයේ ආඩිගම වැව අසල වාඩියක සැඟවී සිටින…

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා. යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති…

සරසවි අනධ්‍යයන සේවකයින් සංකේත වැඩ වර්ජනයක

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (28) සහ හෙට (29) සංකේත වැඩ වර්ජනයක නිරත වන බව වාර්තා වනවා. වැටුප් විෂමතා ගැටලුව මුල් කරගනිමින් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක නිරත වන බවයි වාර්තා වෙන්නේ.

විදුලි ගාස්තු අඩු කිරීම ගැන තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද රැස්වෙයි

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සලකා බලා අවසන් තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද (28) . එහිදි විවිධ පාර්ශව වලින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගන්නා බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. අමාත්‍ය…

හිටපු මුදල් ඇමති රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවූ බවයි සඳහන් වෙන්නේ. 1977 සිට 1988 දක්වා මුදල් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ රොනී ද මැල් නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ…

සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණයි

රට තුළ සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් පසුගිය දෙවසර තුළ රජය සාධනීය පියවර රැසක් ගනු ලැබුවා. සංහිඳියාව කරා යන ගමනේදී ආගමික නායකයන්ට පුළුල් වැඩකොටසක් පැවරී තිබෙනවා – ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජනපති පවසයි. ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල්…

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි – විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් අගයමින් ජනපති පවසයි. ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය…