Category Local News

අස්වැසුම ප්‍රතිලාභ ලක්ෂ 15කට ගෙවා අවසන් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රථමයෙන්ම තෝරා ගත් ලක්ෂ විස්සක ප්‍රතිලාභීන් සංඛ්‍යාවෙන් ලක්ෂ පහළොවකට මේ වන විට ප්‍රතිලාභ ගෙවා අවසන් බවත්, ඉතිරි ප්‍රතිලාභීන්ට ඉදිරි මාස කිහිපයේදී ප්‍රතිලාභ ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.…

අවිධිමත් ණය දෙන ආයතන සඳහා නියාමනයක් එන තුරු ඒ ජනතාවගේ ණය වාරික ලබාගැනීම නවත්වන්න – නව ජනතා පෙරමුණේ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර

ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක අවිධිමත් ණය දෙන ආයතනවල ක්‍රියාකාරකම් නිසා අඩු ආදායම්ලාභී දුප්පත් ජනතාවගේ දේපොළ සහ ජීවිත අවදානමකට ලක්වී ඇති බවත්, අවිධිමත් ණය දෙන ආයතන සඳහා නියාමනයක් එනතුරු ඒ ජනතාවගේ ණය වාරික ගැනීම නවත්වන ලෙසත් නව ජනතා පෙරමුණේ පක්ෂ නායක සුගීෂ්වර…

ආර්ථිකය ගොඩනඟන ජනපතිගේ වැඩ පිළිවෙළ බෝරා ආධ්‍යාත්මික නායකයාගේ පැසසුමට

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ ඇගයීමට ලක් විය. මේ බව ප්‍රකාශ කෙරු‍ණේ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තු මා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

බලය ගන්නයි රැකගන්නයි ජවිපෙ ඕනෑම ජඩ වැඩකට සූදානම් – ඇමැති ප්‍රසන්න රණතුංග

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බවත්, යම් හෙයකින් දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළොත් තම පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදු වන බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග පැවැසීය.…

වාරිමාර්ග ඇමැතිනිය වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිරීක්ෂණයට

වයඹ පළාතට ජලය ගෙන යන වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි (02) දඹුල්ල වෑමැඩිල්ල ජලාශය සහ දේවහූව ප්‍රදේශයේ සංචාරයක නිරත විය. පළමුව වෑමැඩිල්ල ජලාශයට ගිය ඇමැතිවරිය පසුව දැනට ඉදිකිරීම් අවසන්…

වෘත්තීය පුහුණු අධිකාරියට කටාර්වලින් ලැබුණු මිලියන 150 ප්‍රයෝජනයට අරන් නෑ – හිටපු ඇමැති දුමින්ද දිසානායක

වෘත්තීය පුහුණු අධිකාරියට කටාර් රාජ්‍යයෙන් ලැබී ඇති රුපියල් මිලියන 150ක ආධාර මුදලක් ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් ඉදිරි සතියේදී එම මුදල් නැවත හැරී යන බව හිටපු කම්කරු හා වෘත්තීය පුහුණු ඇමැති දුමින්ද දිසානායක පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (02) හුංගම,…

විදෙස්ගතව සිටින පාතාල කල්ලි නායකයන් අත්අඩංගුවට ගැනීමත් වේගවත් කරනවා – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

“යුක්තිය මෙහෙයුම ආරම්භ වීමත් සමඟම සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ⁣ පාතාල කල්ලි අතර ගැටුම් උත්සන්න වෙලා. විදේශගතව සිටින පාතාල කල්ලි නායකයන් විසින් මෙහෙයවන මුදලට කොන්ත්‍රාත් දීම හේතුවෙන් පසුගිය දිනවල ඝාතන කිහිපයක් සිදු වෙලා තිබෙනවා. ලබන සතියේ සිට විදේශගත වී…

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් දේශීය යන්ත්‍රණයක් ඔස්සේ ශ්‍රී ලංකාව ප්‍රගතිය කරා ගමන් කරනවා

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනි හිමාලි අරුණතිලක රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ආයතන සැමවිටම ස්ථාවරව පවතින බව සහතික කරමින් දැනටමත් ස්ථාපිත දේශීය යන්ත්‍රණයක් ඔස්සේ හරහා ප්‍රගතිය හඹා යෑමට කැපවී සිටින බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ…

පොලිස්-බන්ධනාගාර නිලධාරීන් නීතිඥයන් ග්‍රහණයට අරන් මෙය මත්රකුසා පැරදවීමට ලොකු බාධාවක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහා නාහිමියන් හමුවේ පවසයි විෂ මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ හා බද්ධව අති විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වන බැවින් ජාවාරම්කරුවන් පොලිසිය, නීතිඥයන්, බන්ධනාගාර නිලධාරින් ඇතුළු බොහෝ දෙනකු මුදල් බලයෙන් ඔවුන්ගේ ග්‍රහණයට ගන්නා බවත් සමාජයෙන් මත්ද්‍රව්‍ය…

ඉන්දීය වෙරළාරක්ෂක නෞකා දෙකක් ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා – ඉන්දියා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව තිබේ. ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකාවක් වන සමර්ථ් නෞකාව සහ වේගවත් නිරීක්ෂණ නෞකාවක් වන අභිනව් නෞකාව ගාලු වරායට පැමිණ…