Category Local News

හැටන් රක්ෂිතයේ ගින්න පාලනය කෙරේ

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක (04) දින දහවල් හටගත් ගින්නක් පාලනය කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ සේවකයින් සමත්විය. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි එම ඉලුක් සහිත රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් (04) දින…

විදුලි ගාස්තු අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද යළි රැස්වෙයි

විදුලි ගාස්තු අඩුකිරීම පිළිබඳව අද (04) පස්වරුවේ රැස්වී වැඩිදුරටත් සාකච්ඡා කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් නිවැරදි ලෙස දත්ත ලබානොදීම නිසා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මහජන උපයෝගීතා කොමිසමට මෙතෙක් හැකිවී…

මියන්මාරයේදී ත්‍රස්තයින්ට කොටුවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගනී

මියන්මාරයේ ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගත් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකුගෙන් යුතු පිරිසක් මෙලෙස මුදාගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.

හංවැල්ලේ වෙඩි තැබීමෙන් මන්නා රොෂාන්ගේ සහෝදරයා මරුට

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි…

ලෝක ස්ථුලතා දිනය අදයි

ලෝක ස්ථුලතා දිනය අද (04) දිනට යෙදී තිබෙනවා. තරබාරුබව විශාල ප්‍රශ්නයක් ලෙ​ස මතුවෙමින් පවතින බවත්, මේ නිසා ඇතිවෙන ලෙඩ රෝග ප්‍රමාණය ද වැඩිවී ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන අදහස් පළ කළේ. ලෝක ජනගහනයෙන් බිලියන…

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද අමාත්‍ය මණ්ඩලය හමුවට

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (04) අමාත්‍ය මණ්ඩලය හමුවට කැඳවා තිබෙනවා. මහ බැංකු සේවකයින් විසින් පසුගියදා වැටුප් වැඩි කර ගැනීමට කටයුතු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ පාර්ශවවල විවේචන එල්ල වී තිබුණා. පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මහ බැංකු නිලධාරීන්…

අලුත් ආර්ථිකයක් වෙනුවෙන් අලුත් නීති පද්ධතියක් ගෙන එනවා

පසුගිය මාස 14 තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. තවත් නීති 62 ක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට. රට දියුණු කිරීමට නම් ලෝකය පිළිගන්නා නීති අවශ්‍යයි. පොදූ මූල්‍ය කළමනාකරණ පනතක් සහ පොදු ණය කළමනාකරණ පනතක්. අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ද…

බෝරා ප්‍රජාවේ නායක ජනපති හමුවෙයි

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් (03) පස්වරුවේ පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදු විය. මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව,…

ආනන්ද – නාලන්දා 94වැනි සුලෝහිත සංග්‍රාමය නැරඹීමට ජනපති එක් වෙයි

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර කොළඹ SSC පිටියේ දී පැවැත්වෙන 94 වැනි “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහද (03) පස්වරුවේ එක් විය. දිවංගත ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග…

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

කලාප / පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා සියලුම විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක්. අයදුම්පත හා උපදෙස් පත්‍රිකාව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවෙන්. විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ…