Category Local News

බටඅත උද්‍යානයේ පැවැත්වෙන AgriTech-24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය අදින් අවසන්

බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී පැවැත්වෙන AgriTech- 24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් පසුගිය තෙදිනේ පැමිණි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය 02 වැනිදා ආරම්භ වූ මෙම කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි (05). මෙය පෙරවරු 10 සිට රාත්‍රි 07 දක්වා…

දියේ ගිලුණු පේරාදෙණිය සිසුවා මියයයි

නාවලපිටිය රෝහලේ සායනික පුහුණු කටයුතුවලට ගොස් සිටිය දී පසුගිය 23 දින මහවැලි ගංඟාවේ ගල්පොත්ත නමැති ස්ථානයේ නෑමට ගොස් දියේ ගිලුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04) දහවල් මියගොස්…

සාමාන්‍ය පෙළ විෂයයන් ගණන හත දක්වා අඩු කරනවා – ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දැනට පවතින විෂයන් සංඛ්‍යාව විෂයන් හත දක්වා අඩු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයීමකට ලක්…

ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව සෞඛ්‍ය අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ රහස් ප්‍රකාශය හෙට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම්ව සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ගේ එම ප්‍රකාශය ලබාගැනීම සඳහා හෙට (06) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම…

විදුලි ගාස්තු 21.9% කින් පහළට

(4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව අද රැස්වූ මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගත් බවයි එම කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ. ගාස්තු අඩුවන ආකාරය පහතින්.…

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්. මිල අඩු වූ ඉන්ධන: * පෙට්‍රල් 95 – රු. 9 කින් (නව මිල…

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ

පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (04) කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කර තිබෙනවා. 2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුට පහර දී මරණයට පත් කිරීමේ චෝදනා වලට වරදකරුවන් කරමින් මෙලෙස මරණ දණ්ඩනය ලබා දී ඇති බවයි…

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය දෙකම මේ අවුරුද්දේ පැවැත්වීමටත් ඉඩ තියෙනවා – එස්.එම්. චන්ද්‍රසේන

බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු ගන්නා තීන්දු සමග ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පුවත් සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා සිටියා. ජනාධිපති අපේක්ෂකයන් දැන් වැඩි වී බවත්, මුලින් මහ මැතිවරණයක් පැවැත්වුවහොත් මේ පක්ෂවල…

ජනතාව එකතු වී ඉදිරියට ඒම වැළැක්වීමට නොයෙක් පනත් ගේනවා – ජෝසප් ස්ටාලින්

ජනතාව සිටින්නේ බරපතළ පීඩනයකින් බවත්, ඉන් මිදීමට කල හැක්කේ අරගලයක් බවත්, ජනතාව එකතු වී ඉදිරියට ඒම වැළැක්වීමට නොයෙක් පනත් මගින් උත්සාහ කරන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. ‘කට වහන නීති එපා’ නම් වැඩමුළුවකදී ඔහු මේ අදහස්…

පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක් ගෙන එනවා – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක

මෙරට පුරාවස්තු හා පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.…