Category Local News

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව (05) පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න වෙත භාරදී තිබෙනවා. ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 කගේ අත්සන් ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන ව්‍යවස්ථාව…

ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය​ට කැබිනට් අනුමැතිය

ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ‌ලෙස සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැති​ය හිමිව තිබෙනවා. ඒ අනුව ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා විනෝදාස්වාද කටයුතුවලට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ…

Sri Lankan ගුවන් සමාගම පියවිය යුතු ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය

Sri Lankan ගුවන් සමාගම පියවිය යුතු ණය ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඒ අනුව ආයෝජකයෙකු පැමිණි පසු ලැබෙන මුදලින් අදාළ මුදල…

ජනාධිපතිවරණය තියන්නම ඕනෙ, හැබැයි ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව විසි​රෙව්වොත් මහ මැතිවරණය තියෙයි – බැසිල්

නිල වශයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු වුවද, ඊට පෙ​ර පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මහ මැතිවරණය පැවැත්විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේද, නැතහොත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය…

IMF නියෝජිතයින් පිරිසක් අනිද්දා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරි කණ්ඩායමක් අනිද්දා (07) දිවයිනට පැමිණෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. තුන්වන වාරිකය ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් මෙරටට පැමිණ සාකච්ඡා කරන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කළේ. එහිදී ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු…

උසස් පෙළ වෘත්තීය පුහුණු වැඩසටහන අද සිට ආරම්භ වෙයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අද (05) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි…

මුතුකුමාරණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

එස්. සී. මුතුකුමාරණ මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම්දී තිබෙනවා. උද්දික ප්‍රේමරත්නගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙලෙස දිවුරුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.

අවලාද, මඩවලින් ජාතික ජන බලවේගය දුර්වල කළ හැකිව තිබූ කාලය දැන් අවසන් – අනුර

අවලාද සහ මඩවලින් ජාතික ජන බලවේගය දුර්වල කළ හැකිව තිබූ කාලය දැන් අවසන්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ආණ්ඩු පාර්ශවය ජාතික ජන බලවේගයට එරෙහිව එකතු වෙන බවද, මුදල් යොදවා රූපවාහිනී, පත්තරවල දැන්වීම් දැමීම සදහා ඔවුන්…

බැසිල් දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු අමෙරිකාවේ සිට යළි මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා ලංසු කැඳවීම අද

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට ලංසු විවෘත කිරීම අද (05) ඒ අනුව අද ලංසු ඉදිරිපත් කිරීමට හැකි බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ. අදාළ ලංසු ඉදිරිපත් කිරීම…