Category Local News

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබෙනවා. මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි. ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද (08) උදෑසන ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්…

දේශබන්දුගේ පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 2 ක්

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක එක් පෙත්සමක් ඉදිරිපත් කළ අතර මහාචාර්ය සාවිත්‍රී…

COPA කමිටු සභාපති ධූරය ලසන්ත අලගියවන්නට

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න රජයේ ගිණුම් කාරක සභාවේ (COPA) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා. ඒ අනුව (07) රැස්වූ රජයේ ගිණුම් කාරක සභාවේදී මෙම පත් කිරීම සිදුකර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අන්තරේ කැඳවුම්කරුට ඇප

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇප මත මුදාහැර තිබෙනවා. (06) බොරැල්ලේදී පැවති විරෝධතාවක් අතරතුරදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අනුව ඔහු (07) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත…

ආයේ දීලා බලන්න දෙයක් නෑ කාටවත්, රට කරන්න පුළුවන් රනිල්ට විතරයි – මනූෂ

වසර එකහමාරක කාලයක් තුළ රට ගොඩ නගා පෙන්වන ලද නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. නැවතත් වෙනත් පුද්ගලයෙකුට ඡන්දය ලබාදී පරික්ෂා කිරීමට දෙයක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මෙතෙක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හොඳින්…

මාර්තු දීර්ඝ සති අන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරයි

2024 මාර්තු මස 8, 9 හා 10 දිනවල යෙදෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින්  උඩරට දුම්රිය මාර්ගයේ හා උතුරු මාර්ගයේ  විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කර තිබෙනවා. ඒ අනුව එම දුම්රිය ධාවනය වන කාලසටහන මේ වන විට…

ජනපති භූමිකාව කාටුන් ශිල්පීන් දුටු හැටි

“Press Vs. Prez” කෘතිය එළිදැක්වේ. මෙවන් නිර්මාණ ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්. පසුගිය කාලය තුළ රජය අසීරුවෙන් හෝ ගෙන ගිය වැඩපිළිවෙළ නිසා අද රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් සිදුව තිබෙනවා. රටක් ලෙස අප ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටසයි – ජනපති පවසයි. පසුගිය…

විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර

විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත නිෂ්කාශන කටයුතු සඳහා නීති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් කැබිනට් අනුමැතියෙන් පසු ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය. මිල…

COPE කමිටු සභාපති ධූරය රෝහිත අබේගුණවර්ධනට

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා. ඒ අනුව අද (07) රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී මෙම පත්වීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.