Category Local News

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…

අනුර කුමාර දිසානායක හා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුව තිබෙනවා. මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳවත්, වර්තමානයේ ජාතික ජන බලවේගයේ…

ආසියාවේ පළමු වරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ඉදිරියේ දී හඳුන්වා දෙනවා – ජනපති

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්,…

මහින්ද, බැසිල්, ගෝඨාභය දේශපාලනයෙන් සමුගත යුතුයි – පාඨලී

මහින්ද රාපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයෙන් සමුගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසනවා. සුදුසු පිරිසකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිදු කර ගැනීමට ඉඩහැර ඔවුන් නිහඬ විය යුතු බවත්, ලබන මැතිවරණයෙන් පසු එය අනිවාර්යෙන්ම සිදුවන…

මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නැගෙනහිර පළාතේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලට අදාළව වාලච්චේන සෙම්මන්නෝඩේ ගම්මානයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකර තිබෙනවා. එහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව අදාළ ගම්මානයේ නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය…

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත සිසු දරුවන්ට මහඟු පිටිවහලක් – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට 2024/2025 සඳහා ක්‍රියාත්මක කරන “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව” ලක්ෂයේ වැඩසටහන ආර්ථික දුෂ්කරතා සහිත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සඳහා මහඟු පිටිවහලක් වන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පැවසීය. ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අධ්‍යාපන…

ධීවරයින් තිදෙනෙක් සමඟ යාත්‍රාවක් අතුරුදන්

බිලිකොකු යොදා මසුන් මැරිම සදහා කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගිය විහාරා දුව, හංසිළු පුතා යාත්‍රාව එහි සිටි ධීවර කාර්මිකයින් තිදෙනා සමග අතුරුදහන්වි ඇති බව යාත්‍රා හිමිකරු කල්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත. මෙලෙස අතුරුදහන් වී ඇත්තේ කන්දකුලිය ධීවර තොටුපලින් මසුන් මැරීම…

ඉන්ධන වලට VAT බද්ද එකතුවුනේ නැත්නම් තව රුපියල් 50-55 ක් අඩු කරන්න පුළුවන් – කංචන

ඉන්ධන සඳහා VAT බද්ද පනවා නොතිබුණේ නම්, දැනට අලෙවි වල මිලට වඩා රුපියල් 50/- කින් පමණ ඉන්ධන ලීටරයක මිල අඩුකිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව…

විපක්ෂයට IMF සමඟ සාකච්ඡාවක් ලබාදීමට ජනපතිගේ අවධානය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් එහි ඉහළ පෙළේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවක් සිදුකිරීමට විපක්ෂයට අවස්ථාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයින් වෙත අවස්ථාව සලසා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්…

ඉහළ ධනවතුන් සිය දෙනෙකුට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය

ඉහළ ධනවත් පුද්ගලයින් 100 දෙනෙකු වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු කර ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර පවසනවා. එම ඉහළ ධනවතුන් 100 දෙනාගේ ආදායම්, වත්කම් හා වාර්තා ගොනු කිරීමේ ඉතිහාසය ගැඹුරින් සමාලෝචනය කරන බවත්,  ඔවුන් සම්බන්ධයෙන්…