Category Local News

ගංවතුර සමඟ ප්‍රදේශ රැසකට දැඩි හානි

අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට හානි සිදුව තිබෙනවා. ඒ අනුව අවිස්සාවේල්ල, හංවැල්ල, තල්දූව, මාතර, අකුරැස්ස, නෙළුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැඩි ගංවතුර තත්ත්වයක් බලපා තිබූ බවයි වාර්තා වෙන්නේ. ඡායාරූප පහතින්. 

ගංවතුර නැරඹීමට යාම, දියනෑම සහ විනෝදවීමෙන් වළකින්න – ආපදා කළමණාකරන මධ්‍යස්ථානය

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයන් නැරඹීමට යාමෙන් වලකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව ගංවතුර නැරඹීමට යාම සහ ගංවතුරෙහි දියනෑම සහ විනෝදවීම සිදු නොකරන ලෙසයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුදෙන්නේ. අද දිනයේ ගංවතුර…

මීටර් 800 කාන්තා ඉසව්වේ පළමු ස්ථානය තරුෂිට

තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 කාන්තා ඉසව්වේ ප්‍රථම  ස්ථානය හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න  සමත්වුණා. ඇය තරගය මිනිත්තු 2:05.74 ක කාලයකින් අවසන් කිරීමට සමත් වුණා.

අයහපත් කාළගුණයෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන්න – ජනපතිගෙන් මුදල් ලේකම්ට උපදෙස්

මේ වසරේ නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ වන විට රටේ උද්ගත වී ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

විවේචන පහසුයි – විසඳුම් අසීරුයි

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවෙකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. එබැවින් විවේචන සිදු කරමින් නොසිට රජයේ වැඩපිළිවෙළට සහාය…

හඳපාන්විල අලි හත් දෙනා මිය යෑමට හේතුව කසිප්පු ජාවාරමුන් – පෙරන්න බාධා නිසා අලි රංචුව විල්ලුවට පන්නලා

හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළට වැටී පසුගිය දිනක අලි පැටවුන් පස්දෙනෙකු ඇතුළු වන අලි හත්දෙනකු අකාලයේ මියයෑමට ප්‍රධාන හේතුව හඳපාන්විල රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනකරුවන්ගේ ප්‍රතිඵලයක් බව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යාන සුරැකීමේ සංගමයේ සභාපති ටී. තීපන් මහතා සඳහන් කළේය. එම වනඅලි…

කැලණි ගඟ පාදුක්ක හා හංවැල්ල අවට උතුරයි

පාදුක්ක, හංවැල්ල හා අවට ප්‍රදේශවලට (01) දින පස්වරු කාලයේ සිට (02) දින දහවල් වනතුරුත් පැවැති අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ උතුරා හංවැල්ල සහ පාදුක්ක ප්‍රදේශවල පහත්බිම් සහ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී තිබුණි. පාදුක්ක – හංවැල්ල මාර්ගය පාදුක්ක ප්‍රදේශයෙන් ද,…

පසුගිය පැය 24කදී ගං වතුරෙන් මරණ 10ක් – අදත් තද වැසි!

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇළ, දොළ, ගංගා පිටාර ගැලීම්, නායයාම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුකොටගෙන ඊයේ (02) සවස 6.00න් අවසන් වූ පැය 24 තුළ පුද්ගල මරණ 10ක් වාර්තා වී තිබේ. ඇලපාත 21 හැවිරිදි කාන්තාවක සැඩ පහරකට හසුවී ගසාගෙන…

විවේචන පහසුයි, විසඳුම් අසීරුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවෙකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එබැවින් විවේචන සිදු කරමින් නොසිට රජයේ වැඩපිළිවෙළට…

පොලිස් හදිසි අවස්ථා දුරකථන අංක දෙකක් – 011- 242 1820 සහ 011- 242 1111

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව 011- 242 1820 සහ 011- 242 1111 යන දුරකථන අංක ඔස්සේ ආපදා සහන අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට ඇමතුම් ලබාදිය හැකි බවයි පොලීසිය…