Category Local News

උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් ආනයනය කෙරේ

එළඹෙන උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් ආනයනය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා. ඒ අනුව බිත්තරයක් රුපියල් 43කට මිලදී ගැනීමට අවස්ථාව උදාකරන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර උත්සව සමයේදී මෙරට…

කාන්තාවන් 40% ක් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට අනාවරණයක්

පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් 40% ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණ​ය වී තිබෙනවා. මේ වනවිට දේශීය නිශ්පාදන වල මිල ගණන් 90% කින්…

අද කාලගුණ නිවේදනය

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර,…

පවතින අධික උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ ඇතිවීමේ අවදානමක්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් අක්ෂි ආබාධ ඇතිවිවේ අවධානමක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක පවසනවා. හිරු එළිය සෘජුවම ඇසට පතිත වීමක් සිදු වුවහොත් අක්ෂි සෛලවලට හානි වී,…

ජාත්‍යන්ත​ර කාන්තා දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගයෙන් රටපුරා උද්ඝෝෂණ මාලාවක්

113 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් (08) ජාතික ජන බලවේගයේ කාන්තාවෝ සංවිධානය මගින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුනා. “බදු බරින් බඩු මිලෙන් ජනතාව පෙළන ආණ්ඩුව පළවා හරිමු” යන මැයෙන් ර​ටේ ප්‍රධාන නගර වල පැවැත්වූ මෙම උද්ඝෝෂණ මාලාව සඳහා…

A/L විභාගය 12 දීත්, O/L විභාගය 10 දීත් පවත්වන්න බලාපොරොත්තු වෙනවා – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා. දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගය ඉදිරියේදී 12 වසරේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, 11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී…

ශ්‍රී පාද වන්දනා සමයේ මුල් මාස තුනට ප්ලාස්ටික් බෝතල් ටොන් 03 ක් පරිසරයට බැහැර කරලා – මස්කෙළිය ප්‍රාදේශීය ලේකම්

වන්දනාකරුවන් විසින් ශ්‍රී පාද උඩ මළුව දක්වා වූ මාර්ගය අවට බැහැර කර තිබුනු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් පමණ එක්රැස් කළ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.රාජවීරන් පවසනවා. මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී මාස තුනක් වැනි කෙටි කාලයක්…

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව අමාත්‍යවරයා විසින් සිදුකළ දැනුම්දීමක් අනුව ශාන්ත නිරිඇල්ල ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.…

දුම්රිය ඉඩම්වල නීති විරෝධීව පදිංචි පුද්ගලයන්ට බදු පදනම යටතේ රැඳී සිටීමට අවසර – බන්දුල ගුණවර්ධන

දුම්රිය අධිකාරිය සතු ඉඩම්වල නීති විරෝධී ආකාරයෙන් පදිංචිවී සිටින පුද්ගලයින්ට දීර්ඝ කාලින බදු පදනම යටතේ එම ඉඩම්වලම රැඳී සිටීමට අවසර ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව, වසර 10 කට වඩා වැඩි කාලයක් දුම්රිය ඉඩම්වල රැඳී සිටින…

විශාදය (Depression)

සමාජය එකිනෙකා වෙනස් කොට සැලකීමට හේතුවන එක් ප්‍රධාන කාරණයක් වන්නේ ඔවුන් “සාමාන්‍ය” හා “අසාමාන්‍ය” ලෙස වර්ග කිරීමයි. යමෙකු අසාමාන්‍ය ලෙස වර්ග කිරීමට සමාජය යොදාගන්නා සුලබ ක්‍රමය වන්නේ ඒ පුද්ගලයා මානසික රෝගියකු ලෙස හැදින්වීමයි. නමුත් යම් අයෙකු හට මානසික රෝගයක් ඇත්දැයි…