Category Local News

මධ්‍යම අධිවේගයේ පොතුහැර-රඹුක්කන ඉදි කිරීම් 2026 අග වන විට නිම කරන්න-ඇමැති විජිතගෙන් උපදෙස්

මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා වූ තුන්වැනි කොටසේ ඉදි කිරීම් කටයුතු 2026 වසරේ දෙසැම්බර් 31 දා වන විට සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.…

ඉන්ධන ආනයන අක්‍රමිකතා ගැන වහාම පරීක්ෂණයක්-ජනාධිපති ලේකම්ගෙන් CIDයට උපදෙස්

වසර 2022/2023 කාලසීමාවේ මෙරටට ඉන්ධන ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ වහාම පරික්ෂණයක් පවත්වන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත. ඉකුත් ඔක්තෝබර් මස 16 වැනි දින…

ජනතා විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් යළිත් දූෂිතයන් අතට පත් වන්නේ නෑ ජනපති අනුර කුරුණෑගලදී පවසයි-ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමයි

ජනතාවගේ විශ්වාසය දිනාගන්නා ආණ්ඩුවක් නැවත දූෂිතයන් අතට පත් වන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ‘රට හදන අපි එකට මාලිමාවට’ මැයෙන් ඉකුත්දා (8) කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති ජනතා රැලිය අමතමිනි. මේ රැලියේදී ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ…

දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම්ගේ නිරීක්ෂණයට

දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. එහිදී ප්‍රථමයෙන් දීඝවාපි මහා දාගැබෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ගඩොල් සකස් කරන ස්ථාන නිරීක්ෂණය කළ ආරක්ෂක ලේකම්වරයා, එහි කටයුතු කඩිනමින් සහ ක්‍රමවත්ව සිදු…

කෝටි 4ක කුෂ් සමග කටුනායකදී පුද්ගලයෙකු අල්ලයි

රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තායිලන්තයේ සිට මෙරටට පැමිණි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 58 හැවිරිදි වියේ පසුවන මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්. ඔහු සිය…

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් -දෙදෙනෙකු මරුට

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්. ඔවුන්…

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනය ගැන රේගුවෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් පරිශ්‍රයේ ගැටලු සොයා බැලීමට නිරත වූ හදිසි නිරීක්ෂණ චාරිකාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර…

IMF නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතය මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීරණ ණය…

හෙට මැදියම් රැයෙන් අවසන් වන මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු

මහ මැතිවරණයට අදාළ වන සියළු ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කිරීමට අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.

ප්‍රදේශ කිහිපයකට අද වැසි

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (10) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි…