Category Local News

ඉන්දීය වෙරළාරක්ෂක නෞකා දෙකක් ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා – ඉන්දියා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව තිබේ. ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකාවක් වන සමර්ථ් නෞකාව සහ වේගවත් නිරීක්ෂණ නෞකාවක් වන අභිනව් නෞකාව ගාලු වරායට පැමිණ…

ගොවි ජනතාව – රට විරුවන් ඩොලරය බස්සන්න වැඩියෙන් කැපවුණා – ඇමැති මහින්ද අමරවීර

ඩොලරයේ අගය පහළ දැමීම සඳහා වැඩිම කැපවීම කළේ මේ රටේ ‌ගොවි ජනතාව හා රට විරුවන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය. එමෙන්ම 2023 වර්ෂයේදී මෙන්ම 2024 වර්ෂයේද අප රටේ ජනතාව පාරිභෝජනය කරනු ලබන්නේ දේශීය සහල් මිස ආනයනික…

අපේ සාගර කලාපය වගේම ඉන්දීය සාගරයත් සුරැකීමේ වගකීම නාවික හමුදාවට පැවරී තිබෙනවා

නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළගණයට වර්ණ ප්‍රදානය කරමින් ජනපති ත්‍රිකුණාමලයේදී කියයි ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දීය සාගර කලාපයද ආරක්ෂා කරගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට…

UNFPA ස්වර්ණ ජයන්තියට සමරු මුද්දරයක්

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පනස් වසරක මෙරට මෙහෙවර සනිටුහන් කරමින් එළි දැක්වූ ස්වර්ණ ජයන්ති විශේෂ සමරු මුද්දරය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ වෙත පිළිගැන්වූ අවස්ථාව මෙහි දැක්වේ.

අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමු කල යුතු මට්ටමක

අද (04) දිනයේත් ප්‍රදේශ කිහිපයකට උෂ්ණත්වය අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණ, සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවලත් අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවලටද මෙම උණුසුම් සහිත කාලගුණ තත්ත්වය…

විදුලිය හා ඉන්ධන අතවශ්‍ය සේවා බවට පත් කෙරේ

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලිය, ඉන්ධන මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති…

අද කාලගුණ නිවේදනය

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කළුතර…

පන්සල් ටිකයි, පල්ලි ටිකයි, කෝවිල් ටිකයි අපි එකතු කරගත්තොත් මේ රට ගොඩදාන්න මහ කාලයක් යන්නේ නැහැ.

අපිට දැන් ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්. ඒ කියන්නේ දැන් ව්‍යාපාර ඇඟිලි තුඩු වලට ඇවිල්ල තියෙනව කියන එකයි. ඒ වගේම තමයි රැකියාවක් කරන්න අපි දැන් කොහේවත් යන්න ඕන නැහැ. ගෙදර ඉදන්ම රැකියාවත් කරන්න පුලුවන්. ඒ කියන්නේ රැකියාවත් පරිගණකයක් ඉදිරිපිට ඉඳගෙන කරන…

හැමවිටම විරෝධතා දක්වන පිරිසක් ගැන අධිකරණ ඇමති කියයි

මේ රටේ තියන කුහක දේශපාලන සංස්කෘතිය තුළතරුණ තරුණියන්ට උගන්වලා වෘත්තිකයො බවට පත්කරන්න හදනකොට හැම වෙලාවෙම විරෝධතා දක්වන පිරිසක් අප රටේ සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. ඇමතිවරයා මෙම අදහස් පලකලේ…

ජනපති රනිල් සුලෝහිත සංග්‍රාම බිමට

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර 94 වැනි වරට පැවැත්වෙන සුලෝහිත සංග්‍රාම ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මෙම තරඟාවලියේ ඊයේ කොළඹ  SSC පිටියේ…