Category Local News

දැන් ඉන්නේ ගල් කැටයක්වත් අතට නොගෙන 69 ලක්ෂයක් ඡන්ද ගත් පාලකයා පලවාහැරි ජනතාවක් – අනුර

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ දේශපාලනය සඳහා පිවිසීමට අපේක්‍ෂා කරන තරුණ තරුණියන් වෙනුවෙන් නව දොරටු විවෘත කරන බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා. මෙතෙක් පෙළපතින් පැමිණි දේශපාලනය, සාමාන්‍ය ජනතාවගේ දූ-පුතුන් වෙත මාරු වීම වැළැක්වීම සඳහා අනෙකුත් පක්ෂ කළ හැකි…

2023 සා/පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අදාළ අයදුම්පත් මේ මස 22 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බවයි දැක්වෙන්නේ. www.onlineexams.gov.lk/eic ඔස්සේ එම…

ජනාධිපතිතුමාට නම් සට්ටම්බිරාලකම් කරන්න වෙලා තියෙන්නේ නාමල්ට, බැසිල්ට, මහින්දට – සුජීව සේනසිංහ

ජනාධිපතිවරයා (10) කුලියාපිටියේ ජනහමුව අමතන අවස්ථාවේදී හද පතුලෙන්ම කතා කිරීම නිසා වෛරයක් පිටවූ බවට පෙනෙන්නට තිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුජීව සේනසිංහ පවසනවා. නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂට සට්ටම්බිරාලකම් සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිදුව ඇති බවයි (11)…

ශ්‍රී ලංකන් ගුවන් සේවයට මූල්‍ය ප්‍රගතිය පෙන්වීමට මාස 6 ක් ලබාදෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06ක කාලය තුළදී පෙන්විය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් එහි පාලනාධිකාරියට සහ වෘත්තීය සමිති වෙත දැනුම්දී තිබෙනවා. එසේ නොවුණහොත් 6000ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇතිවන බවයි (11)…

මගේ තාත්තාවත් විපක්ෂයේ ඉඳන් මෙහෙම වැඩ කරලා නැහැ – සජිත්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසවත් විපක්ෂයේ සිටියදී තමා මෙන් වැඩ කටයුතු සිදුකර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂයේ සිටිමින් සමගි ජන බලවේගය බස් රථ සඳහා ලක්ෂ 4,092 ක මුදලක් පාසල් පද්ධතියට ආයෝජනය කර ඇති බවත්, තම පියාවත් එවැනි දෙයක්…

වැටුප් වැඩි කරගැනීමට එරෙහිව මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් (11) විරෝධතාවයක නිරත වුණා. ඒ අනුව ඔවුන් බැංකු පරිශ්‍රය ඉදිරිපිට දී මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇති බවයි වාර්තා වෙන්නේ. වැඩි කරගත් වැටුප් පහළ දැමීමට නොහැකි නම් මහ බැංකු…

කොඳුඇට පෙළේ දුර්ලභ සැත්කමක් බදුල්ල රෝහලේදී සිදු කරයි

කොඳුඇට පෙළේ වේදනාවක් හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳි කාන්තාවකට සිදුකළ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහලෙන් අද වාර්තා වී තිබෙනවා. වයස අවුරුදු 72ක් වන මුතුමැණිකේ වසර ගණනාවක් කොඳුඇට පෙළේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් පීඩා විඳි කාන්තාවක් වන අතර ඇය…

කවුරු ආවත් ජනාධිපතිවරණය දිනන්න මහින්ද මහත්තයාගේ ඡන්ද ටික ඕන – රෝහිත අබේගුණවර්ධන

ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. කවුරුන් පැමිණියද ඔහුට ජයග්‍රහණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රමාණය අවශ්‍ය…

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම බල රහිත කිරීමට පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ගෙන එනවා – උදය ගම්මන්පිල

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම බල රහිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව අනාගයේ මෙවැනි ක්‍රියා සිදුවීම වැළැක්වීමටද මෙමගින්…

මුහුදුබඩ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට

කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක තාප්පයක් ඉවත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යම් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ අනුව දුම්රිය සේවකයින්ට ප්‍රදේශවාසීන් කළ පහරදීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබුණා. කෙසේ නමුත් මේ වන විට මුහුදුබඩ දුම්රිය…