Category Local News

මාර්තු මාසයේ දින 17 ක් තුළ ලක්ෂයකට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට

2024 මාර්තු 01 සිට 17 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 111,284 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 537,887 ක්…

උණුසුම් කාලගුණ තත්ත්ව​ය තවදුරටත්

දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණ තත්ත්ව​ය තවදුරටත් ඉහළ යමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. වයඹ, උතුරු-මැද, නැගෙනහිර ස​හ බස්නාහිර පළාත්වල උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊට අමතරව, මොණරාගල, මන්නාරම,…

පරණ දේශපාලනය තාක්ෂණයට බයයි, ඔවුන්ට ඕනේ 70%ක් දරිද්‍රතාවයේ රඳවගන්න – චතුරංග අබේසිංහ

පරණ දේශපාලනය තාක්ෂණයට බිය බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ පවසනවා. ජනතාව දෙපයින් සිටගන්නවාට, ජනතාවගේ ආදායම ඉහල යනවාට, රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙනවාට සහ කර්මාන්තවල ඵලදායීතාව වැඩිවෙනවාට ඔවුන් බිය බවද, ඔවුන්ට අවශ්‍යය ජනතාවගෙන් 70% ක් දෙනා දරිද්‍රතාවයේ රඳවාගැනීමට…

රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව 5 වන දිනටත් පැවැත්වෙයි

අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (19) 5 වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා. බලධාරින්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි එහි සභාපති අමිල සංජීව සඳහන් කළේ. මේ හේතුවෙන් වරාය පරීක්ෂණ…

වියළි කාලගුණයත් සමඟ ජල මූලාශ්‍ර 18ක් අවදානම් තත්ත්වයේ

පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග මේ වනවිට ජල මූලාශ්‍ර 18ක් අවදානම් තත්ත්වයේ පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන් ඉදිරියේදී අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා ජල පරිභෝජනය සිදු නොකරන ලෙසයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී අනෝජා කළුආරච්චි සඳහන්…

සෞඛ්‍ය සේවාව විධි­මත්ව ගෙන යෑමට ඇමැති රමේෂ්ට ජන­පති අමා­ත්‍යාං­ශය භාර දුන්නා

අභි­යෝ­ගා­ත්මක මෙවැනි වක­වා­නු­වක මෙරට සෞඛ්‍ය සේවාව විධි­මත්ව පව­ත්වා­ගෙන යෑම සඳහා ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණට ජනා­ධි­ප­ති­ව­රයා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය භාර දුන් බව අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන පැව­සීය. ගාල්ල දිස්ත්‍රි­ක්කයේ උඩු­ගම හා නියා­ගම රෝහ­ල්වල ගොඩ­නැ­ඟිලි ජනතා අයි­ති­යට පත් කර­මින් අග­මැ­ති­ව­රයා (18) මේ බව පැව­සීය.…

තර්ජන නොතකා පාතා­ලය-මත්ද්‍රව්‍ය මඬි­මින් අනා­ගත පර­පු­රට නිද­හස් රටක් බිහි කර­නවා – ඇමැති ටිරාන් අලස්

කුමන තර්ජන ගර්ජන තිබුණ ද පාතා­ලය, මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් නීතියේ රැහැ­නට හසු­කර ගනි­මින් අනා­ගත පර­පු­රට නිද­හස් නිව­හල් රටක් බිහි කිරීමේ වග­කීම නිසි­යා­කා­රව ඉටු කරන බව මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අව­ධා­ර­ණය කරයි. අප­රාධ හා ප්‍රච­ණ්ඩ­ත්වය පිළි­බඳ බිය­කින් තොරව විශ්වා­ස­යෙන් යුතුව ජීවත්…

කල් තියා හඳුනා ගත්තොත් වකු­ගඩු රෝග සම්පූර්ණයෙන් සුව කළ හැකියි

ලෝක ජන­ග­හ­න­යෙන් 10% කට ආසන්න ප්‍රමා­ණ­යක් (මිලි­යන 800ක් පමණ) වකු­ගඩු රෝග­ව­ලින් පීඩාවිඳී. මෙම පීඩා­කාරී රෝගය සඳහා ජාත්‍ය­න්තර වශ­යෙන් සිදු කරන ලද පරී­ක්ෂ­ණ­ව­ලින් හඳු­නා­ගෙන ඇති ප්‍රධාන හේතූන් වන්නේ දිය­වැ­ඩි­යාව, අධි­රු­ධිර පීඩ­නය සහ වය­ස්ගත වීමයි. ශ්‍රී ලංකාවේ ද මෙම තත්ත්වය මේ ආකා­ර­යෙන්ම පව­තින…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව (19) සිට 22 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ. ඉන් අනතුරුව හෙට (20) දිනයේ පස්වරු 4.30 ට විශ්වාසභංග යෝජනාවට  අදාළ ඡන්ද…

ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

2023(2024) උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව (19) සිට 29 වනදා දක්වා දිවයිනේ තෝරාගත් මධ්‍යස්ථාන 41කදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අපේක්ෂකයාගේ ප්‍රවේශ පත්‍රයේ පරීක්ෂණය සඳහා…