Category Local News

රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කෙරේ

රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

කථානායකට එරෙහි විශ්වාසභංගයේ දෙවන දිනය අද

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනය අදයි. ඒ අනුව (20) පෙරවරු 9.30 සිට 4.30 දක්වා එම විවාදය පැවැත්විමට නියමිතව තිබෙනවා. විවාදය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී වුවත් මැතිවරණයක් පවත්වා රට නැවත ආර්ථික වශයෙන් අවස්ථාවර වුවහොත් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස කඩාවැටීමකට ඉඩ – ජාතික සංවිධාන ඒකමුතුවේ කැදවුම්කරු තුසිත පෙරේරා

ජනතාවට අවම පිඩනයක් තුල ඔවුන්ගේ කඩා වැටුණු ආර්ථිකය යම්තාක් දුරට ශක්තිමත් කිරිමට හැකි වුයේ රට තුල නිවරදි ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වු නිසා බවත් එම ක්‍රමවේදය යම් ලෙසකින් හෙල්ලිමකට ලක් වුවහොත් නෑවත වරක් ඔවුන් ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බව ඔහු සදහන්…

ජනපති පුටින්ට අගමැති මෝදි සුබ පතයි

ප්‍රතිවාදී දේශපාලන නායකයන් මර්දනය කරමින් සිය අභිමතය පරිදි ජනාධිපතිවරණය පැවැත්වූ බවට අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් එල්ල වන චෝදනා මැද රුසියාවේ ජනාධිපතිවරයා ලෙස පස්වැනි වරටත් තේරී පත් වූ ව්ලිදිමිර් පුටින්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුබ පැතූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

ලොව වායු දූෂණය වැඩිම රට බංග්ලාදේශයයි

වායුගෝලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කරනු ලබන ලොව ප්‍රමුඛතම IQAir ආයතනය විසින් පසුගියදා නිකුත් කළ වාර්තාවකට අනුව 2023 වසරේ ලොව වැඩිම වායු දූෂණයට ලක්වූ රට ලෙස බංග්ලාදේශය නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශයේ වාර්ෂිකව වායු දූෂක මට්ටම 79.9ක් බවත්, එය…

සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාව මුදා ගැනීමට ජාත්‍යන්තර මෙහෙයුමක්

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පසුගියදා පැහැරගනු ලැබූ බංග්ලාදේශයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට ජාත්‍යන්තර නාවික හමුදා සහාය ලබා ගන්නා බව සෝමාලියාවේ පොලිසිය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මොසැම්බික් රාජ්‍යයේ මපුටෝ අගනුවර වරායේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා යාත්‍රා…

වනිඳුට බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් තරග දෙකකින් සමන්විත බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය ඔහුට අත්හිටුවා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ. පසුගියදා නිමාවට පත් වූ බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ තෙවැනි…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් අද දින රාත්‍රී 08.35 අලුත්ගම හා 09.35 අලුත්ගම බලා ධාවනය වන දුම්රිය…

මුදල් ප්‍රතිපත්ති විවරණය ලබන 26 වනදා දැනුම්දෙයි

2024 වර්ෂය සඳහා වන අංක 02 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය එළඹෙන මාර්තු 26 දින පෙරවරු 7.30 ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී පොලී අනුපාත සම්බන්ධයෙන් දැනුම්දීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. අදාළ නිවේදනය පහතින්.  

1990 සුවසැරිය ගිලන් රථ සේවාව ගැන ලෝක බැංකුවෙන් ඇගයීමක්

1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින්, නොමිලයේ සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන්රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මගින් හඳුන්වාදී තිබෙනවා. ලොව ගිලන්රථ සේවා අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන්රථ…