Category Local News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්…

එළැඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙනවා – පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පැවසීය. ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකෙන ක්‍රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද…

දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගය පිරිසිදු කළ පුරවර සරසවි මිතුරෝ

බදුල්ල සුන්දර දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සහ ඇල්ල අසල ඇති ප්ලාස්ටික්, වීදුරු බෝතල්, පොළිතින් ඇතුළු පරිසරයට හානිදායක අපද්‍රව්‍ය ඉවත්කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ ‘පුරවර සරසවි මිතුරෝ’ කණ්ඩායම විසින් පසුගියදා සිදු කරන ලදි. පරිසරය පිරිසිදුව තබාගනිමු, සොබාව සෞන්දර්ය රැකගනිමු යන තේමාව පෙරදැරිව…

ඉන්ධන පිරවුම්හලේ මුරකරුගේ සිරුර කළු ගඟෙන් හමුවෙයි

දියේ ගිලි මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් නාර්තුපාන පාලම අසල කළු ගඟේ පාවෙමින් තිබියදී අද (21) හමුවූ බව තෙබුවන පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ අගුරුවාතොට උස් වත්ත ලිපිනයේ පදිංචිව සිටි හල්නෙත්ති රුවන්සිරි පෙරේරා නමැති  43 හැවිරිදි පුද්ගලයකු ගේ බවට හඳුනාගෙන ඇතැයිද…

ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා දැඩි කිරීමේ පියවරක්

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩිවී ඇති බවට හෙළිවූ  නවතම දත්ත වාර්තා වලට අනුවයි.…

මුදල් නෝට්ටු විකෘති කර නිර්මාණ කිරීම ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

මුදල් යොදාගෙන සිදුකරන විවිධ නිර්මාණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාව කෙරෙහි මහ බැංකුවේ…

ඩිලාන් පෙරේරාත් COPE කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා COPE කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට COPE කමිටුවෙන් ඉල්ලා අස්වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 11 ක්.

වනිඳු යළි ටෙස්ට් කණ්ඩායමට කැඳවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගෙන සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හදිසියේම ටෙස්ට් සංචිතය සඳහා නම් කළේ ඔහුට එරෙහිව පැනවීමට තිබූ තරග තහනමෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ශ්‍රී ලංකාව හා…

ලන්ච් ෂීට් කිලෝ 5,377ක් විනාශ කෙරේ

සිය භාරයට ගත් නීතිවිරෝධී ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 5,377ක් මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණයෙන් විනාශ කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් මෙම ලන්ච්ෂීට් සොයාගෙන තිබූ බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ. නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් සම්බන්ධයෙන් මධ්‍යම…

වනිඳු, දුෂ්මන්ත හා මතීෂ පතිරණට IPL තරගාවලිය අහිමිවීමේ අවධානමක්

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමිවීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ අනුව දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක සහ වනිඳු හසරංග ආබාධවලට ලක්ව තවමත් සම්පූර්ණයෙන් සුවය නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.…