Category Local News

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ…

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා ඒ අනුව 12.5 kg ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420 කින් වැඩි අතර එහි නව මිල රුපියල් 4,100 ක් වනවා එමෙන්ම 5kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 168කින් ඉහළ දැමීමටයි තීරණය කර…

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට ඇරඹේ

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14 වැනි සිකුරාදා අවසන් වුණා මේ අතර රාමසාන් උත්සවය සඳහා…

ඊදුල් ෆිතර් රාමසාන් උත්සවය-විශ්වාසයේ සහ පරිත්‍යාගශීලීත්වයේ ගෝලීය සැමරුම

ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාසයෙන් සහ යාච්ඥාවෙන් පරිපූර්ණ වූ රාමසාන් උපවාස මාසය සම්පූර්ණ කළ ලොව පුරා මුස්ලිම් ප්‍රජාව ඊදුල් ෆිතර් රාමසාන් උත්සවය සමරනු ලබයි. ඉස්ලාමීය දින දර්ශනයේ වැදගත්ම සහ වඩාත්ම භක්තිමත් මාසය ලෙස සැලකෙන රාමසාන් උපවාස මාසය පරිත්‍යාගශිලීත්වය සහ කෘතඥතාව පුද කිරීමේ…

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ආහාර පරිහරණ ආයතන පරික්‍ෂා කෙරේ

අලුත් අවුරුදු සමය වෙනුවෙන් දිවයින පුරා ආහාර පරිහරණ ආයතන පරික්‍ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා…

දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්

දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය. අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ(30)…

රට බලශක්ති අර්බුදයකට යෑම වැළැක්වීමට සෝලා කර්මාන්තය දිරිමත් කළ යුතුයි-හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

අනාගතයේ දී රටේ බලශක්තිය අර්බුදයකට යෑම වැළැක්වීමට සෝලා කර්මාන්තය දිරිමත් කළයුතු බව හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී ඒ මහතා…

මියන්මාර හා තායිලන්ත ජනතාවට ශක්තිය හා ධෛර්යය ලැබේවා- අස්ගිරි මහ නාහිමියෝ

මියන්මාරයේ සහ තායිලන්තයේ ඇති වූ භූමිකම්පාවෙන් සිදුවූ විනාශකාරි තත්ත්වය අසන්නට ලැබීමෙන් ශ්‍රී ලාංකික ජනතාව මහත් වූ කම්පනයට පත් වූ බවත් මේ දුෂ්කර තත්ත්වයෙන් ඉක්මනින් මිදීමට සියලු දෙනාට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කරන බවත් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී…

කොළඹ සුපිරි හෝටලයක 31 වන මහලින් වැටී අයෙක් මරුට

කොළඹ ගාලුමුවදොර අසළ පිහිටි සුඛෝපභෝගී හෝටලයක 31 වැනි මාලයෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි. මෙම පුද්ගලයා අදාළ හෝටලයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වූවාද, නැතිනම් සියදිවි නසා ගත්තා ද යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවන බව පොලිසිය පැවසුවේ. කෙසේවෙතත් මේ සිද්ධිය…

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය සංවර්ධනය කිරීමට ගුවන් හමුදාවේ සහය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ‘ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය’ සංවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වේ. තාක්ෂණික දියුණුව තුළින් ජාතික කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වන ‘Clean Sri Lanka’ ව්‍යාපෘතියේ අරමුණු සමඟ අනුගත වන මෙම…