Category Local News

මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙනවා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න…

රජයේ වාහනයක් කිලෝමීටරයක් ධාවන කිරීමට රුපියල් 300ක් වැයවන බවට අනාවරණයක්

රාජ්‍ය ආයතන සතු වාහන ධාවනයේදී කිලෝමීටරයක් සඳහා රුපියල් 300ක පමණ පිරිවැයක් දරන බව ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. කෙසේ නමුත් එය රුපියල් 100ක් දක්වා අඩුකළ හැකි බවට එම අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන…

පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගන්න මාසයකට අවශ්‍ය මුදල රු.17,014 ක් – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු.17,014 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වන බවයි නවතම…

ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කෙරේ

ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන් මෙලෙස බිත්තර ආනයන කටයුතු සීමා කර ඇති බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ. බිත්තර මිලියන 4…

ඥා​ණසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

ගලබොඩඅත්තේ ඥා​ණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා. ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම…

පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචරපත්

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හඳුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව…

කසුන් රාජිතට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව සිදුව ඇති ආබාධයක් හේතුවෙන් මෙලෙස තරගය අහිමිවී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන්…

සහල් සහ ලොකු ළුෑණු ආනයන බදු අඩු කෙරේ

සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා. එසේම ලොකු ළුෑණු (රෝස ලූනු) ආනයනය සඳහා ද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක්…

IPL UPDATE : Sunrisers Hyderabad කණ්ඩායමට ලකුණු 31 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වන තරගය Sunrisers Hyderabad කණ්ඩායම හා Mumbai Indians කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…

පාසල් සිසුන් 4ක් දියේ ගිලී මරුට

අලව්ව ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. සිසුන් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ. දියේ ගිලුණු එක්…