Category Local News

අමෙරිකා විශේෂ නියෝජිතවරියක් මේ සතියේ ශ්‍රී ලංකාවට

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය තරුණ ගැටළු පිළිබඳ විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර් (Abby Finkenauer ) නොවැම්බර් 12-15 දින අතර ශ්‍රී ලංකාවේ චාරිකාවකට පැමිණීමට නියමිතය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇයගේ මෙම චාරිකාව මගින් දකුණු ආසියාවේ තරුණ නායකයින් සවිබල ගැන්වීම, ප්‍රජා…

දවස් 05කට විදෙස් සංචාරකයින් 30,000ක් ඇවිත්

2024 නොවැම්බර් මස මුල් දින 05 තුළ දී විදෙස් සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙහිදී නොවැම්බර් මුල් දින 04 තුළ සෑම දිනක දීම හයදහස ඉක්මවූ සංචාරකයින් සංඛ්‍යාවක් බැගින් සහ ඉතිරි දිනයේ දී…

ඡන්දය දාන්න ගමේ ගිය පවුලට මහමඟ දී මරුවා හරස්වෙයි

පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා ඡන්දය දැමීමට  දරු දෙදෙනා සහ බිරිඳ සමඟ ගම් ප්‍රදේශයේ බලා ත්‍රීරෝද රථයේ යමින් සිටියදී මොරගහහේන  ගෝනපොළ ප්‍රදේශයේදී   ලොරියක ගැටී  අද  (12) දහවල් සිදුවූ අනතුරක් සිදු වී තිබෙයි. මෙම අනතුරින් බිරිඳ මියගොස් සැමියා සහ දරු දෙදෙනා බරපතල…

ඡන්දෙ දාන්න යන අයට විශේෂ බස් සහ දුම්රිය සේවා

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. එහි සභාපති රමල් සිරිවර්ධන මහතා සදහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද (12) සහ හෙට (13) යන දෙදින තුළ විශේෂ…

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බවය. ඒ අනුව එදින…

මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අදියර තුනක් යටතේ

මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන  (14 ) වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු…

මහ මැතිවරණයේ නිහඬ කාලය ඇරඹෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව අනිද්දා (14) දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේය. ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය හෙට (13) සිට සිදු කිරීමට නියමිතය.…

හෙට සිට කාලගුණය යළි වෙනස් වන ලකුණු

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නොවැම්බර් 13 වැනිදා…

ගුවන් ගමන් ප්‍රමාදය ගැන මගීන් දැනුම්වත් කිරීමට විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවන්න-ඇමැති විජිතගෙන් නිලධාරීන්ට උපදෙස්

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ක්ෂණිකව මගීන් දැනුම්වත් කිරීමට විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ. ගුවන්තොටුපොළත්, ශ්‍රීලංකන් ගුවන් සමාගමත් නියෝජනය වන පරිදි ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ මේ විශේෂ…

චීන ආධාරවලින් කොළඹ ඉදිවන අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති 5ක ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම් භාරදෙයි

චීන රජයේ ආධාර යටතේ කොළඹ නගරය ඇතුළු ආසන්න නගර කිහිපයක අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘති 5කට අදාළ ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම් භාරදීම ඊයේ (11) ග්‍රාමිය හා නාගරික සංවර්ධන නිවාස ඉදිකිරීම් ඇමැති විජිත හේරත් මහතාගේ ප්‍රධනත්වයෙන් සිදු කෙරිණි. අඩු…