Category Local News

දුමින්ද, ලසන්ත සහ මහින්ද නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින්…

නොවැම්බර් වන විට අනුර ජනාධිපති ලෙස දිවුරුම් දී ජනතාවාදී පාලනයකට මුල පුරනවා – සමන්ත විද්‍යාරත්න

ආණ්ඩුව විසින් කුමන ප්‍රචාර ගෙනගියද ලබන නොවැම්බර් මාසය වන විට අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දී ජනතාවාදී පාලනයකට මුල පුරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න පවසනවා. මේ වන විට දූෂිත කණ්ඩායම් සියල්ල එකට එකතු වී…

මෙතෙක් අස්වැසුම සහනාධාර නොලැබුණු අයට අලුත් අවුරුද්දට පෙර එය ලබාදීමට පියවර

දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම සහනාධාර නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග එම සහනාධාරය ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම වැඩසටහන යටතේ රු.2,500…

ලිට්‍රෝ ගෑස් මිල පහළට

(01) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල සංශෝධනය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * කිලෝ ග්‍රෑම් 12.5 – රු.135 කින් (නව මිල රු.4,115) * කිලෝ ග්‍රෑම් 5…

පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස්කොට නිදහස් කෙරේ

විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කර තිබෙනවා. මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

උත්සව සමයේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක්

එළඹෙන උත්සව සමයේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. කූඨ වෙළඳුන්ට හසු නොවීමටත්, කොල්ලකරුවන්ගෙන් සිය දේපළ හා මුදල් ආරක්ෂා කර ගැනීම සඳහාත් ජනතාවද අවධානයෙන් කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.…

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු අද සිට Sahasya Investment Limited සමාගම යටතට

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ Sahasya Investment Limited සමාගම වෙත පවරා තිබෙනවා. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය සහ පෞද්ගිලක අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක්…

ප්‍රධාන රෝහල් 5 ක සෞඛ්‍ය වෘත්තීය සමිති අද පැය 4 ක වැඩ වර්ජනයක්

දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක සේවාවලින් ඉවත්ව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (01) පෙරවරු 6.30 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන 6.30 සිට පැය 4 ක කාලයක් මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, රත්නපුර හා බදුල්ල මහ…

IPL Match Summary: Delhi Capitals හා Gujarat Titans කණ්ඩායම්වලට ජය

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගය ලෙස Delhi Capitals කණඩායම හා Chennai Super Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 20 ක ජයක් ලබා ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Delhi Capitals කණ්ඩායම පළමුවෙන්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (01) සහ හෙට (02) රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේ ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති අතර පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතක් වන අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු…