Category Local News

අපවත් වී වදාළ ගණේගොඩ රතනජෝති නාහිමි ප්‍රදේශයට කළ මෙහෙවර අමරණීයයි-පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් ඩී.එම්. ශාන්ත දසනායක

අපවත්වී වදාළ මහනුවර රාජපූජිත මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපසෝථාගාරයේ උපාධ්‍යාය ධුරන්දර පොල්පිතිගම ඓතිහාසික නාගොල්ල පුරාණ රාජමහා විහාරය, තිහව ගස්සන්දලුපොත පුරාණ විහාරය යන උභය විහාරාධිපති, පොල්පිතිගම ත්‍රෛනිකායික භික්ෂු බල මණ්ඩලයේ ප්‍රධාන සංඝ නායක, පොල්පිතිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරි,…

උසාවි නියෝගයකින් මට හිමි නිවෙස වතු පාලක අධිකාරියට දීම නීත්‍යනුකූල නැහැ-රාජ්‍ය ඇමැති ඒ. අරවින්ද කුමාර්ගෙන් පැමිණිල්ලක්

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තමන්ට හිමිකම් ඔප්පුවකින් අයත් නිවෙස හැටන් වැවිලි සමාගමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට දීම නීත්‍යනුකූල නොවන බව පවසමින් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ඒ. අරවින්ද කුමාර් මහතා ලිඳුල පොලිසියට පසුගියදා (06) පැමිණිල්ලක් කර ඇත. 1985 වසරේ…

රනිල්-සජිත්-අනුර විවාදය අද රෑ 10ට

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හෙට දවස සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කාලීන දේශපාලන සංවාදය අද (09) රාත්‍රී 10ට ජාතික රූපවාහිනියේ කරට කර සංවාද වැඩසටහන ඔස්සේ විකාශය කෙරේ. ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් රජයේ කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, සමඟි…

අපනයන අභිමුඛ ආර්ථිකයකට මාලිමාව විරුද්ධයි

අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩනැ‍ඟීමට ජාතික ජන බලවේගය විරුද්ධ බව සමඟි ජන සන්ධාන කාර්යාලයේ දී පෙරේදා (07) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මේ බව කියා සිටියේය. සුනිල් හඳුන්නෙත්ති සහ ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ සම්බන්ධයෙන් නඩුවක්…

මගේ සහාය ආර්ථික වශයෙන් රට ස්ථාවර කළ රනිල්ටයි

හැට නව ලක්ෂයකගේ ජනවරමකින් බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර රට හැර ගිය පසු අසරණ වූ ජනතාවගේ පිහිටට සිටි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු අධිකරණ ඇමැති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය…

තරුණයින්ට අත්තටු ලබාදෙන විට ජවිපෙ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමුවා -ජනපති රනිල්

සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ විම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කර…

ජනපති හමුවූ දෙමළ ආණ්ඩු පක්ෂයේ නියෝජිත පිරිස

ශ්‍රී ලංකා දෙමළ ආණ්ඩු පක්ෂයේ නියෝජිත පිරිසක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුව යාලි ප්‍රදේශයේදී පවත්වා ඇති බව සඳහන්. මේ සඳහා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා දෙමළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් තරඟ කළ පිරිසක් සහ…

Audio Book ලෙස ජනගත කෙරුණු සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය

ආර්ථිකමය වශයෙන් බිඳ වැටුණු රටක නැවත නැගී සිටින්නට අත්‍යවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ වැඩපිළිවෙළ ජනගත කිරීම සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා. මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක…

හම්බන්තොට පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සහායත් රනිල්ට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර සභා සහ ප්‍රාදේශිය සභා 12 තුළ සිටින සභාපතිවරු 09ක් හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් 80% ක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එකඟතාවය පළකර තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්තේ…

රනිල්ගේ දරණාගම කාර්යාලයට ගිනි තැබූ සැකකරු අල්ලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා බියගම ආසනයේ දරණාගම ප්‍රදේශයේ විවෘත කරන ලද මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට ගිනි තැබූ බව කියන සැකකරු මීගහවත්ත පොලිසිය මඟින් පෙරේදා (5) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. මේ ගිනි තැබීම පෙරේදා (5) පස්වරුවේ සිදු කර තිබූ…