Category Local News

මොනරා TV එළිදකියි

”මොනරා TV” නමින් නවතම රූපවාහිනී නාලිකාවක් (03) එළිදක්වා තිබෙනවා.  VIS මාධ්‍ය ජාලයට අනුබද්ධ ⁣⁣⁣මෙම නාලිකාව සිය විකාශන කටයුතු ආරම්භ කර ඇති අතර එහි නාලිකා ප්‍රධානීී වශයෙන් මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාදර කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ. UHF 29 කොළඹ, UHF 56 ගොන්ගල,…

මම ඕනෑම ආකාරයේ විවාදයකට සූදානම් – සජිත්

තමන් ඕනෑම ආකාරයේ විවාදයක් සම්බන්ධයෙන් වන අභියෝගයකට මුහුණදීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් බවත් ආර්ථික, සමාජයීය හෝ දේශපාලන ක්ෂේත්‍රයේ හෝ ඕනෑම මාතෘකාවක් සම්බන්ධයෙන් තමන් විවාදයට සූදානම් බවයි සක්වල සුහුරු පන්ති කාමර ලබා…

ශ්‍රී ජයවර්ධනපුර සරසවිය අසළ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල (03) පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් පොලිසිය විසින් විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම විරෝධතාවට පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ. 

ජෙරම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජෙරම් ප්‍රනාන්දුට එරෙහි නඩුව (03) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. ඔහු විදෙස් රටවල් කිහිපයක් වෙත යාම සඳහා අවශ්‍ය…

සෝල් බීච් කඩා ඉවත් කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

සෝල් බීච් හෝටලයේ හිමිකරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 10 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (03) නියම කර තිබෙනවා. යුක්තිය මෙහෙයුම යටතේ ඉකුත්දා දෙහිවල මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටි “සෝල් බීච්” හෝටලය කඩා ඉවත් කිරීමේ සිද්ධිය තුළින්…

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අප්‍රේල් මස 10 වනදා සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා දුම්රිය…

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනයේ පැවැත්වීමට ආණ්ඩුව සාකච්ඡා කරනවා – ගම්මන්පිල

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනයකදී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව තුළ සාකච්ඡා සිදුවෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව මැතිවරණ දෙකම එකම දිනකදී පැවැත්වීමට නීතියෙන් කිසිඳු බාධාවක් නොමැති බවයි (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා…

වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වනවා

රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අවධාරණය කළේය. මෙරට දුප්පත්කම ඉහළ ගොස් ඇති බවට…

පාස්කු ප්‍රහාරය ගැන යළි ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි මෛත්‍රී අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට දැනුම්දී තිබෙනවා. මේ වන විටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති බැවින් යළිත් ප්‍රකාශයක්…

කෙහෙළියට ඇප ඉල්ලූ පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹක්වැල්ල ඇප ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා. ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් වංචා සිදුවීම සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹක්වැල්ල නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධාගාර ගත…