Category Local News

පූජිත් පාස්කු ප්‍රහාරයේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙයි. ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර ඇති අතර එම සම්පූර්ණ මුදල ගෙවා නිමකර ඇත්තේ 8 වතාවකටය.

ඉදිරි පැය 24 ට කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව බෙංගල බොක්ක මුහුද…

නාගපට්නම් සහ කන්කසන්තුරය අතර මගී යාත්‍රා සේවයේ වෙනසක්

තමිල්නාඩුවේ නාගපට්නම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව වෙනුවෙන් තවත් අතිරේක දිනයක් ලබාදී තිබෙනවා. සතිපතා එම මගී යාත්‍රාව ක්‍රියාත්මක වූ අතර ලබන 21 වනදා සිට සෙනසුරාදා දිනවල ද එය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ජනපති අපේක්ෂකයින් සහ නිරීක්ෂකයින් මැතිවරණ කොමිසමට

මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වෙනවා. ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කෙරෙනු ඇති. එමෙන්ම අද පස්වරුවේ මැතිවරණ නිරීක්ෂකයින් සමගද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඇල්පිටියේ නාමයෝජනා භාරගැනීම අද සිට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වනවා. ඒ අනුව අද සිට ලබන 12 වනදා මධ්‍යහ්න 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්

ජනාධිපතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් පමණ මේ වන විට බෙදා අවසන් කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. විශේෂ දිනයක් ලෙස සලකා ඊයේ (08) දිනයේ ද නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදු කළ බවයි ඔහු…

ඇමැති අලි සබ්රිගේ මව අභාවප්‍රාප්ත වෙයි

විදේශ ඇමැති අලි සබ්රි මහතාගේ මව වූ ෆාතිමා සරීනා උවයිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. දේහය 18/1, සුදර්ශන පාර දෙහිවල නිවෙසේ තැන්පත් කර ඇති අතර භූමදාන කටයුතු දෙහිවල ජුම්මාපස්ජිඩ් පල්ලියේදී අද(09) පස්වරු 7ට සිදු කෙරේ.

ධවල පත්‍රිකාවට එදා ජවිපෙ විරුද්ධ වූ නිසා තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වුණා

සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ වීම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වූ බවත් තමන් තරුණ තරුණියන්ට අත්තටු ලබා දෙන විට ජනතා…

කැස්බෑවෙන් බස් 25කින් සෙනඟ ගෙනත් ජවිපෙ ගාල්ලේ කැන්වසින් කරනවා

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් වෙන් කරගෙන ගාල්ලේ ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු කිරීම සඳහා පිරිස් ගෙන්වා ගෙන ඇති බවත්, ඔවුන්ට ගාල්ලේ ජනතාව නොමැති නිසා මේ ආකාරයට බස්වලින් පිරිස් ගෙන්වා ඇති බවත් මනුෂ නානායක්කාර මහතා පැවැසීය.…

ජනපති දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බව විශ්වාසයි-මාවෙයි සේනාධිරාජා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේය. යාපනයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලි…