Category Local News

අලුත් අවුරුද්දේ අධිවේගී මාර්ගවල ආදායම රු. මිලියන 150 ඉක්මවයි

අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 150 ඉක්මවාගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය 10 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලසීමාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 159 ක ආදායමක් උපයා ඇති බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී. කහටපිටිය…

උදෑසන කාර්යාල දුම්රිය අවලංගු වීමෙන් මගීන් දැඩි අපහසුතාවක

(16) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 11ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදුවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් දුම්රිය මගීන් අද උදෑසන දැඩි…

බීරූට් අවුරුදු උත්සවයට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද නිමිතිකොට ගෙන ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැවැත්වූ අවුරුදු උත්සවය (15) දවස පුරා ලෙබනනයේ බීරූට්හි දී ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. අවුරුදු සංස්කෘතික අංග හා අවුරුදු ක්‍රීඩා රැසක් සමඟ පැවති මෙම…

ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමඟ දෙවැනි වටයේ සාකච්ඡා කඩිනමින්

අමෙරිකාවේ වොෂින්ටන්හි පැවැත්වෙන ලෝක බැංකු රැස්වීම සඳහා ගොස් සිටින කණ්ඩායම එම රැස්වීම අවසන්ව නැවත මෙරටට පැමිණි පසු රජයේ නියෝජිතයන් පිරිසක් ලන්ඩනයේදී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ…

ඉරාන ජනපති ලබන සතියේ ශ්‍රී ලංකාවට

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලබන 24 වනදා නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය…

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ගමන් ගත් රථය ගිනි ගනියි

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්ගත් රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා. බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය (16) අලුයම මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැති…

දකුණු මුහුදේදී ඇල්ලූ කෝටි 380ක අයිස්-කුඩු ගෙනාවේ ඩුබායිවලින්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බහුදින යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගිය 12 වෙනිදා ගැඹුරු මුහුදේ දී අල්ලාගත් රුපියල් කෝටි 380කට ආසන්න වීථි වටිනාකමක් ඇති අයිස් හා හෙරොයින් කිලෝ 263කට අධික ප්‍රමාණය මෙරටට එවීමේ මෙහෙයුම දියත් වී ඇත්තේ ඩුබායි සිට බව…

හිටපු ජනපති මහින්ද හිසතෙල් ගෑමේ උත්සවයට එක්වෙමින්

තංගල්ල වජිරිගිරිය විහාරස්ථානයේ පැවැති හිසතෙල් ගෑමේ මහෝත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (15) සහභාගී විය. ආගමික වතාවත්වලින් අනතුරුව විහාරාධිපති මිරිස්සේ ධම්මවංශ හිමියන් හිටපු ජනාධිපතිවරයාගේ හිසතෙල් ගැල්වූ අයුරු.

ගමේ ගිය අයට යළි එන්න අද-හෙට විශේෂ බස්-දුම්රිය සේවා

-ගැටලු ඇත්නම් 1958-1971 අමතන්න සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (16) සහ හෙට (17) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය යොදවා ඇත. අප්‍රේල් 14 වනදා දහවල් 12.00 සිට මෙම බස්…

ශ්‍රී ලංකාවට ලොකු ලූනු යැවීමට ඉන්දීයාව අවසර දෙයි

ලොකු ලූනු අපනයනය තහනම් කිරීමට ඉන්දියාව ගෙන තිබූ තීරණය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ලොකු ලූනු අපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඉන්දියාව තීරණය කර තිබුණි. මාස කීපයක් එම තීරණය ක්‍රියාත්මක වූ අතර ශ්‍රී ලංකාවට පමණක් එම…