Category Local News

පාස්පෝට් එක අත්‍යාවශ්‍ය නම් පමණක් ලබාගන්නා ලෙස ඉල්ලීමක්

පසුගිය වසර දෙකක කාලය තුළ මෙරටට බලපෑ ආර්ථික අර්බුදයත් සමඟ විශාල පිරිසක් විදෙස් ගත වීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තදබදයක් හටගත්තා. එය විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් මාර්ගගත ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමටයි පසුව ඔවුන් පියවර…

සජිත් දිනුවොත් රට පාලනය කරන්නේ ප්‍රේමදාස පවුල් සමාගමයි -ඇමති ප්‍රසන්න රණතුංග

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ හොත් රට පාලනය කරන්නේ ඔහු නොව ඔහුගේ බිරිඳ, නැගණිය ඇතුළු ප්‍රේමදාස පවුල් සමාගම බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ශාපලත් පවුල් පාලනයෙන් රට බේරාගැනීමට නම් මෙවර…

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක් -සුරාබදු කොමසාරිස් ජනරාල්

රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසනවා. මෙම ආයතන තුනෙහිම හිඟ බදු…

රියර් අද්මිරාල් කාංචන බානගොඩ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක  රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ 2024 අගෝස්තු මස 16 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ…

අපේ ආණ්ඩුවක් යටතේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වනවා

පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීම සඳහා තම ආණ්ඩුවක් යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (26) ප්‍රකාශ කළේය. එම පරීක්ෂණ කටයුතු ස්වාධීනව සිදුවිය යුතු අතර…

සාම විනිසුරුවන්ගේ සංගමයේ ලේකම්වරයාගේ ධුරයට සම්පත් රඹුක්පොත පත්වෙයි

ශ්‍රී ලංකා සාම විනිසුරුවන්ගේ සංගමයේ ලේකම්වරයා ලෙස යුද හමුදාවේ හිටපු කපිතාන් සම්පත් රඹුක්පොත මහතා මෙවරත් නිතරගයෙන් පත්විය. ඒ පසුගියදා හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවති 28 වන මහා සභා රැස්වීමේදීය. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා…

රනිල්ගේ නුගේගොඩ මහ රැලිය හෙට

කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වන පොදු ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් පවත්වන ප්‍රථම මහජන රැලිය හෙට (28) පස්වරු 3.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය අබියස දී පැවැත්වේ. 

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දුප්පත් රටක කටුක ජීවිතයක් වෙත ගමන් කරන මාර්ගයක්-මුදල් ප්‍රවාහය අස්ථාවර කර රට 2022 තත්ත්වයට ගෙන ඒමට කරන උත්සාහයක්

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස එළිදක්වා ඇත්තේ ˝දුප්පත් රටක් – කටුක ජීවිතයක්˝ වෙත ගමන් කරන මාර්ගයක් යැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. ඒ මහතා මෙසේ පැවැසුවේ කොළඹ පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවට ඊයේ (26) එක්වෙමිනි. ජනතා…

මා සමඟ සිටින්නේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායමයි -ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති නීතිඥ හමුවේදී ජනපති කියයි

එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂතම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බවත්, තමා සමඟ සිටින ආර්ථික කණ්ඩායම අබිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිදු පක්ෂයක නැති බවත් ජනාධිපති රනිල්…

පුනාගල රක්ෂිතයේ හටගත් ගින්න සම්පූර්ණයෙන් පාලනය වෙයි

කොස්ලන්ද පුනාගල කඳු රක්ෂිතයේ බෑවුම් කොටසේ වැල්ලවාය මායිමේ පැතිර ගිය ගින්න අද (27) අලුයම් කාලය වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා. එම ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිරගොස් ඇති අතර එම නිසා…