Category Local News

තෙවරප්පෙරුමගේ පශ්චාත් මරණ පරීක්ෂණය: විදුලිසර වැදීමෙන් ශරීර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියන්වලට බරපතළ හානි වෙලා

හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් වූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී.…

ඉලක්කගත කාර්යභාරයක් වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන් එක් විය යුතුයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

ඉදිරි කාලයේ ඉලක්ක සහගත කාර්යභාරයක් වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන් අධිෂ්ඨාන සහගතව එක් විය යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන පැවැසීය. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.…

ලෝක උරුම කළ යුතු තැන් කිහිපයක්ම හඳුනාගෙන තිබෙනවා

ලෝක උරුම දිනය අදට (18) යෙදී ඇත. මේ වන විට රිටිගල, අරන්කැලේ, මානාකන්ද බෞද්ධ භාවනා ස්ථාන, මිහින්තලය, ඔරටෝරියම් පල්ලි, ඝර්ම කලාපීය නූතන වාස්තු විද්‍යාව, 19 වැනි සියවසේ අග භාගයේ බිතු සිතුවම් සහිත ස්ථාන, වාරි කර්මාන්ත පද්ධතිය, තේ භූ දර්ශනය, පැරණි…

ශ්‍රී ලංකාව ණය ගෙවාගත හැකි රටක් ලෙස ලෝකය පිළිගන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය සිදුකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවත්, එසේ කළොත් ශ්‍රී ලංකාව ණය ගෙවා ගැනීමට හැකි රටක් ලෙස ලෝකය පිළිගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය. (17) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ…

ශ්‍රීලනිපය ආරක්ෂා කිරීම පක්ෂයට ආදරය කරන සියලු දෙනාගේ වගකීමක් – ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම පක්ෂයට ආදරය කරන සියලුදෙනාගේ වගකීම යැයි ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය. ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායකගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය(17) කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. එහි…

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන්

කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ (17) බෝංචි,තක්කාලි,රාබු වැනි එළවළු කීපයක කිලෝවක තොග මිල රුපියල් 30ත් 70ත් අතර පැවැති බව ගොවීහු පවසති.ඒ අනුව එහි එළවළු කිලෝවක තොග මිල ගණන් පහත පරිදි විය. බෝංචි 50 – 70, රාබු 40, තක්කාලි 30 – 40,…

කෑගලු අවුරුදු උත්සවයකදී කලින් පෙම්වතියත් එක්ක සූප්පුවෙන් කිරි බිව් සැමියා ගෙදරින් එළවා දමලා

ගමේ අවුරුදු උත්සවයේදී සූප්පුවෙන් කිරි බීමේ තරගයේදී කාලයක සිට අමනාපකමක් ඇති අසල්වැසි කාන්තාවක ලවා කිරි පොවා ගත්තා යැයි පවසා කාන්තාවක සිය සැමියා නිවෙසින් එළවා දැමීමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 36 හැවිරිදි දෙදරු පියකු සිය බිරිය…

කාන්තා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඉහළතම ලකුණු හඹායෑමේ වාර්තාව ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති 03 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී  ස්ථාන…