Category Local News

ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට පසුගියදා ප්‍රහාරයක් දියත් කළ අතර එයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ. මේ…

අප්‍රේල් පළමු දින 15 තුළ සංචාරකයින් 82,000 ක් දිවයිනට

2024 අප්‍රේල් පළමු දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 82,531 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 718,315 ක් දක්වා ඉහළ ගොස්…

MI vs PBKS : Mumbai Indians කණ්ඩායමට ලකුණු 9 ක තියුණු ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය ඊයේ (18) Mumbai Indians කණ්ඩායම හා Punjab Kings කණ්ඩායම අතර Mullanpur හීදි පැවැත් වුණා. එහිදී Punjab Kings කණ්ඩායම පරදා ලකුණු 9 ක ජයක් වාර්තා කිරීමට Mumbai Indians කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ…

පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇරඹේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී (19) ආරම්භ කෙරිණි. පාසල් දරුවන් අතර…

පාකිස්තානයේ ෂියා මුස්ලිම් ප්‍රජාවට ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක්

පාකිස්තානයේ තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ටෙහ්රිකි තලේබාන් පාකිස්තාන සංවිධානය සහ තවත් සුන්නි මුස්ලිම් ප්‍රජාවට අයත් කණ්ඩායම් කිහිපයක් ඉදිරියේදී ගිල්ගිට් පළාතේ ෂියා මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි එරට දේශපාලන විශ්ලේෂකයකු වන ආචාර්ය සකරියා…

ගංවතුරට යට වූ ඩුබායි ගුවන්තොටුපොළ යළි මෙහෙයුම්

ගමන් වාර 300ක් අවලංගු කරලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගංවතුරෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් වාර 300ක් අවලංගු කිරීමටත්, තවත් ගුවන් ගමන් වාර 450ක් පමණ ප්‍රමාද කිරීමටත් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පස්වරුව වන විට…

කැනඩා ඉතිහාසයේ දැවැන්තම රන් කොල්ලය හසු වෙයි

වටිනාකම ඩොලර් මිලියන 14.5ක් ආයුධ තොගයකුත් අල්ලයි කැනඩා ඉතිහාසයේ විශාලතම රන් ජාවාරම හසු කරගැනීමට එරට පොලිසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ටොරොන්ටෝ නුවර පියර්සන් ගුවන්තොටුපොළෙන් සොරා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 14.5ක් වටිනා රන් පොලු 6,500ක් සමඟ මිලියන…

පැය 24ක් ඇතුළත චීන ප්‍රහාරක යානා 10ක් ගුවන් සීමාව උල්ලංඝනය කළ බවට තායිවානයෙන් චෝදනා

චීන හමුදා ගුවන් යානා 10ක් සහ නාවික ප්‍රහාරක යාත්‍රා 7ක් පෙරේදා සිට පැය 24ක කාලයක් පුරා තායිවාන අවට සැරි සැරූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ චීනයට අයත් ඔත්තු සැපයීමේ බැලූනයක් ද තායිවාන…

උතුරු ඉන්දුනිසියාවේ ගිනි කන්දක් සක්‍රිය වෙයි

උතුරු ඉන්දුනිසියාවේ ගිනි කන්දක් සක්‍රිය වීමෙන් ඒ අවට පදිංචි වී සිටි 11,000කට වැඩි ජනතාව ඉවත් කිරීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුවන්ග් කඳුකරයේ පිහිටි එම ගිනි කන්ද පසුගිය අඟහරුවාදා සිට අඛණ්ඩව පුපුරා යෑමට පටන් ගෙන ඇතැයි ද, කිලෝමීටර් 6කට…

ලොව විශාලතම මහමැතිවරණය අද ඉන්දියාවේ ඇරඹේ

ඡන්දදායකයෝ මිලියන 970ක් ඡන්ද මධ්‍යස්ථාන මිලියනයකට වැඩියි මිලියන 970ක ඡන්දය මඟින් මන්ත්‍රීවරු 543 දෙනකු තෝරා පත්කර ගන්නා ලොව විශාලතම මහමැතිවරණය අද (19) ඉන්දියාවේ දී ආරම්භ වේ. එරට 18 වැනි ලෝක් සභා (පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) මැතිවරණය ලෙස හඳුන්වනු ලබන ඉන්දීය…