Category Local News

බොහෝ ප්‍රදේශවලට මීදුම් තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව…

අසරණයන්ගේ චින්තනය තේරුම් ගැනීම සැබෑ නත්තලයි-කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කියති

අප තෝරා ගත යුත්තේ දිළින්දන් සමඟ නත්තල ගත කිරීම බවත් අසරණයන්ගේ චින්තනය තේරුම් ගෙන ජීවත් වීමට පුරුදු වීම නත්තලේ සැබෑ පණිවිඩය බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. මෙවර නත්තල් දිනය නිමිත්තෙන් විශේෂ නත්තල් දින ප්‍රකාශයක් නිකුත් කරමින්…

සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරටුව නත්තල සමරමු-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

නත්තලේ සැබෑ අර්ථය වන සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරදැරි කර ගනිමින් උදා වූ නත්තල ප්‍රීතිමත්ව සහ අර්ථාන්විතව ගතකරමු යැයි අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නත්තල් සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් පවසයි. එම පණිවුඩයේ තවදුරටත් මෙසේද සඳහන් වෙයි. ජාතියක් වශයෙන් නැවත…

නත්තලේ සැබෑ අරුත තේරුම් ගෙන රට වෙනුවෙන් සියලු දෙනා එක්වෙමු-විපක්ෂ නායක කියයි

නත්තලේ සැබෑ අරුත නිවැරැදිව වටහාගෙන රට වෙනුවෙන් සියලු දෙනා එකට එක් වෙමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිවිඩයෙන් කියා සිටියි. විපක්ෂ නායකවරයා නිකුත් කළ නත්තල් පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි. ප්‍රේමය, සාමය හා සහෝදරත්වය තේමා කර ගත්…

‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ උදාකරන්න කැප වෙනවා-නත්තල් පණිවිඩය නිකුත් කරමින් ජනපති කියයි

අප ආණ්ඩුව වටා රොඳ බැඳගත් දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා ඔවුන් අපේක්ෂා කරන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” උදාකර දීමේ ඒකායන අරමුණ වෙනුවෙන් තව තවත් වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කැප වන බව ජනාධිපති අනුර…

අසිරිමත් නත්තල අදයි

සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවිඩය ලොවට ගෙන ආ කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) යෙදී තිබේ. දේව මෙහෙයන් හා රතිඤ්ඤා හඬ මැද ඊයේ (24) මැදියම් රැයෙන් අසිරිමත් නත්තල උදාවිය. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්…

රට රැකියා දෙනවැයි ලක්ෂ ගණන් මුදල් ගැරූ අයගේ නම් හෙළි කරනවා-කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

පසුගිය සමයේදී විදේශ රැකියා සඳහා යන පුද්ගලයන්ගෙන් පවා අයුතු ලෙස රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණ වී ඇතැයි කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පවසයි. අදාළ වංචා සම්බන්ධයෙන් ඉදිරියේදී තොරතුරු හෙළි කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පෙන්වා…

ආදායම් වාර්තා නොදුන් අපේක්ෂකයන් 03ක් ඇතුළු 13කට විමර්ශන-රනිල්ගේ නම දුන් සොහොයුරු චන්නත් වාර්තා දී නෑ

නිසි ලෙස ආදායම් වියදම් ඉදිරිපත් නොකළ ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකු, පක්ෂ ලේකම්වරු පහක් ඇතුළු 13 දෙනකුට එරෙහිව මැතිවරණ නියාමන පනතේ විධිවිධාන අනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මඟින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව මඟින් පොලිස්පතිවරයාට යොමු කර ඇති පැමිණිල්ලකට අනුව…

අමාත්‍ය මණ්ඩල තීරණ

2024 දෙසැම්බර් 23 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහත්වරුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (24)…

වංචා හා දූෂණ සොයන්න විමර්ශන කමිටුවක්-ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය

කුරුණෑගල මහ නගර සභාවේ පසුගිය පාලන සමයේදී සිදුකර ඇතැයි කියන වංචා හා දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කරන බව වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා ප්‍රකාශ කළේය. පසුගිය කුරුණෑගල මහ නගර සභා පාලන කාලයේදී සිදුකර ඇතැයි කියන…