Category Local News

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙයි

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට නියමිතයි මේ සඳහා රුපියල් බිලියන 22 ක මූල්‍ය ආධාර ලබා දෙන අතර පළමු අදියර යටතේ…

පළාත් කිහිපයකට රාත්‍රී කාලයේ වැසි

උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර,සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

ජනපති අනුර ආචාර්ය මන්මෝහන් සිංට මෝක්ෂය පතයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ටුවිටර් පණිවිඩයක් යොමු කර තිබේ. එම පණිවිඩය මෙසේය, “මම, මා වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්, ඉන්දීය ජනරජයට, ආචාර්ය මන්මෝහන් සිං…

රනිල් මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දක්වා තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි මහත්මියට ශෝකය පළ…

සෞඛ්‍ය ඇමති චීන “Peace Ark” රෝහල් නෞකාව බලන්න යයි

චීන නාවික හමුදාවට අයත් “Peace Ark” රෝහල් නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම්ලා මෙරට ජනතාවට නොමිලේ ලබා දෙන ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්‍ෂණ සේවාවන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්‍ෂණයට ඊයේ(26) ලක්විය. චීන රජයේ Mission Harmony – 2024…

චීනයෙන් අතහිත දෙන නිවාස 1996 ව්‍යාපෘතිය ඇරඹෙයි

කිසිදු ‌භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට ලබා…

ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ දින 04ක් වැසේ

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ හෙට (28) සිට 31 වැනිදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි. ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය…

මෝල්ටා – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 25 වැනි සංවත්සරයට ලඟාවෙයි

නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් Reuben Gauci මහතා අද (27) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. 2025 වසරේදී, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 25 වැනි සංවත්සරය සම්පූර්ණ වන අතර මොල්ටාව සහ ශ්‍රී ලංකාව…

නෙවිල් ප්‍රනාන්දු රෝහල නව්‍යකරණයට නව සැලැස්මක්

ප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය. අමාත්‍යවරයා මෙම…

ඖෂධ නියාමන අධිකාරිය සතුටුදායක දියුණුවක් ලබලා-සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

පසුගිය 2023 වසර අවසාන භාගය වන විට ඖෂධ නියාමන අධිකාරිය මුහුණ පා තිබුණු තත්ත්වයත් සමඟ සලකා බලන විට මේ වන විට ඉතා සතුටුදායක දියුණුවක් ලබා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. ඔහු…