Category Local News

ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් අවසන්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙට දිනයෙන් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80%ක පමණ ප්‍රමාණයක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ…

පනත් කෙටුම්පත් දෙකකට කතානායකවරයාගේ සහතිකය

පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (13) සිය සහතිකය සටහන්…

මිල්කෝ සතු කිරිපිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් මිලදී ගැනීමට රජයෙන් මුදල්

රජයට අයත් මිල්කෝ සමාගම සතුව මේ වනවිට තිබෙන කිරිපිටි මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක තොගයක් මිල දී ගැනීමට රුපියල් මිලියන 200ක මුදලක් රජය මගින් ලබා දීමට අද (13) රැස්වූ අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…

ශිෂ්‍යත්වය පැවැත්වෙන කාලසීමාවේ ආපදා කළමනාකරණයට වැඩපිළිවෙලක්

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් සහ ආපදාවලින් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා අවධානය යොමුකරමින් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව…

වාහන ආනයනය පිළිබඳ සුබ පණිවිඩයක්

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත්  කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත. විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීමත් සහ…

ගොවි ජනතාවට MOP පොහොර ගැන සුබ පණිවිඩයක්

ලෝක ආහාර වැඩ පිළිවෙළ විසින් මෙරටට ලබා දීමට නියමිත MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක තොගය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මේ වනවිට සියලු කටයුතු අවසන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. මෙම පොහොර තොගය…

IMF මීළඟ සමාලෝචනය ජනපතිවරණයෙන් පසුවයි – ජූලී කෝසැක්

ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ජනතාව බවත්, මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් මේ බව සඳහන් කළේ, ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ…

දීර්ඝ සති අන්තයේ විශේෂ ප්‍රවාහන සේවාවන් රැසක්

දීර්ඝ සති අන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු යොදා තිබෙයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරන පරිදි අමතර බස් රථ 60කට ආසන්න සංඛ්‍යාවක් අද සිට ධාවනයට යෙදවීමට කටයුතු කර…

උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස්වරයා පවසයි. අද(13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල සිහින් වෙයි

ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල ලෙසින් සැලකෙන බඹරකන්ද දිය ඇල්ල මේ දිනවල සිහින් දිය දහරක් බවට පත්ව ඇත. පවතින වියළි කාලගුණය හමුවේ මෙවැනි තත්ත්වයක් උදාවී ඇත. වෙනත් දිනයන්හි විශාල ජල කඳක් සහිතව සුන්දර ලෙස ඇදහැලෙන බඹරකන්ද දියඇල්ල අද පවතින අයුරුයි මේ.