Category Local News

වැසි වැඩිවෙන ලකුණු

අද(15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට…

කොළඹ නෙළුම් කුළුණට වසර දෙකක් සපිරේ

කොළඹ නෙළුම් කුළුණ ජනතාවට විවෘත කර අදට(15) දෙවසරක් සපිරේ. නවෝත්පාදනය ආශ්වාදයක් වන කොළඹ නෙළුම් කුළුණ 2022 සැප්තැම්බර් 15 වැනිදා සිට මහජනතාවට විවෘත ශ්‍රී ලාංකීය භූ දර්ශනයට නව අත්දැකීමක් එක් කරමින්, දකුණු ආසියාවේ උසම ස්වයං ආධාරක ව්‍යුහය සහ රටේ උසම අහස්…

පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා වන ආයෝජන සහ පහසුකම් වෙනුවෙන් එළඹුණු ගිවිසුම

මෙරට පිලිකා රෝගීන්ගේ රෝග විනිශ්චය සහ රෝග නිරීක්ෂණය සිදුකරනු ලබන පෙට් ස්කෑනර් යන්ත්‍ර සඳහා අවශ්‍ය FDG නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය ආයෝජනය සහ පහසුකම් සැපයීම වෙනුවෙන් දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පසුව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ඇක්සක් ජාත්‍යන්තර සමාගම…

ශිෂ්‍යත්ව විභාගය අදයි

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පෙරවරුවේ ආරම්භ වනවා. දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,849කදී විභාගය ආරම්භ වූ අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විභාගය පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිත අතර පෙරවරු 09ට…

මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන්න අගමැතිගෙන් උපදෙස්

මුං ඇට සදහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා…

IMF එකඟතා කඩ කළහොත් යළි ආර්ථිකය කඩා වැටෙනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ඉදිරියට නොගියහොත් නැවත ආර්ථිකය කඩා වැටිය හැකි බවට අනතුරු අගවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා යාපනයේ මුත්තුවේලි ක්‍රීඩාංගණයේ අද (14) පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්…

ජනපතිවරණයට බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර කවුළු වැසේ

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දැනුම් දෙයි. මෙම 21වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් මුදා හැරීමට සිදුවන බැවින් මෙම…

මැතිවරණයට දින දෙකක් සුරාසැල් වැසෙයි

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, සැප්තැම්බර් 21/22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බව සුරා බදු කොමසාරිස් එම්.ජේ.ගුණසිරි මහතා සදහන් කළේය.

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි. කොමිසම කියා සිටියේ ඉන් පැමිණිලි 28ක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බවයි. මේ අතර, මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබී…