Category Local News

හිටපු ජනපති රනිල් නේපාල අගමැති ෂර්මා හමුවෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාලයේ අගමැති කේ.පී. ෂර්මා ඔලි මහතා අතර හමුවක් කත්මණ්ඩු නුවරදී ඊයේ (02) සිදු විය. හිටපු ජනාධිපතිවරයා නේපාලයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටියදී මේ හමුව සිදු විය.

ගම්පහ රාජ්‍ය ආයතන රැසක දුරකතන ගොළු වෙලා

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් රාජ්‍ය ආයතනවල පොදු දුරකතනවලට ඇමතුම් ලබා දීමේදී ප්‍රතිචාර දැක්වීම නිසියාකාරයෙන් සිදු නොවන තත්ත්වයක් පවතින බවට ජනතාව චෝදනා නගති. රාජ්‍ය ආයතන බොහොමයක පොදු දුරකතනවලට ලැබෙන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීම පිණිස වෙනම කාර්ය මණ්ඩල පවා යොදවා ඇතත් විවිධ අවශ්‍යතාවන්…

මොරටුවේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව කළුතරින්

මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල මඟින් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. සායනික පුහුණුව සඳහා රෝහල තුළ මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරීමටත්, ඊට අවශ්‍ය සංවර්ධන කටයුතු රෝහල තුළ සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය කේන්ද්‍ර කර ගනිමින්…

නාඳුනන මළ සිරුරක් පාවෙන වෙළෙඳපොළේ

පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමි ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවූ බව මරදාන පොලීසිය පවසයි. එම පුද්ගලයා වයස අවුරුදු 37ක පමණ සිතිය හැකි අයකු බව පොලීසිය සඳහන් කරයි. මළ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නොලැබෙන බව ද පොලීසිය…

මහින්දගේ ආරක්ෂාවට 30ක් ඇති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පොලිස් නිලධාරීන් 30 දෙනකුගේ ආරක්ෂාව හොඳටම ප්‍රමාණවත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කීවේය. කැලණිය නුංගම්ගොඩ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. මහින්ද රාජපක්ෂ මහතාට තිස් වසරක යුද සමයේදීවත්…

රටේ වෙනස ඇති කරන්න ආණ්ඩුවට විතරක් බෑ-මිනිස්සුත් වෙනස් විය යුතුයි – 2025 වසරේ වැඩ ඇරැඹීමේ උත්සවයේදී සිරිල් ගාමිණී පියතුමා පවසයි

ආණ්ඩුවේ මාධ්‍ය ආයතනයක් වුවද ලේක්හවුස් ආයතනය ආණ්ඩුවේ හොරණෑවක් නොවී සෑමවිටම ජනතාවගේ මතය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා පැවැසූහ. සිරිල් ගාමිණී පියතුමා මේ බව සඳහන් කළේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ 2025 නව වසරේ…

මහින්දට ආරක්ෂාව ඉල්ලා නඩු දානවා-මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ප්‍රනාන්දු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා තීරණය සතියක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස්…

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසගත වාර්තාවක් තබයි

කොළඹ කොටස් වෙළඳපොළේ අද (02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව පසුකර තිබෙයි. ඉතිහාසයේ පළමුවරට මෙම සීමාව පසුකර තිබෙන බවයි වාර්තා වෙයි. ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් ලෙස සටහන් වෙයි. S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේදී කොළඹ…

තෙවන පාසල් වාරයේ අවසන් අදියර ඇරඹෙයි

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද සිට ආරම්භ වෙයි. ඒ අනුව සියලුම පාසල් අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමටයි අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත. පාසල් ආරම්භයෙන් අනතුරුව හෙට…

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.…